Friday, March 29, 2024

සංවිධායක තනතුරු සංශෝධනයක් සදහා කුරුණෑගල ශ‍්‍රීලනිප මැති ඇමැතිවරුන්ට කොළඹින් හදිසි කැදවීමක් !

Must read

kurununegala_slfp_changeකුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් මැතිවරණ කොට්ඨාශ කිහිපයක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරු සංශෝධනයක් සදහා එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු අද උදෑසන කොළඹට කැදවා තිබේ.

ඒ අනුව කුරුණෑගල ආසනය සදහා වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා සහ පොල්ගහවෙල ආසන සංවිධායක ලෙස හිටපු ඇමැති ජයරත්න හේරත් මහතාද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ලෙස අද දිනයේදී අලුතින් පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඊට අමතරව නිකවැරටිය ආසන සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා, පඩුවස්නුවර ආසනයේ සංවිධායකවරයා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ බිංගිරිය සංවිධායකවරයා ලෙස වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාද තව ස්වල්ප මොහොතකින් පත්වීම් ලබනු ඇති බවද වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

මාවතගම සහ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයන් සදහාද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පත්කිරීම අද දිනයේදී බොහෝදුරට සිදුවීමට ඉඩ තිබෙන බවද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article