Thursday, April 25, 2024

වෑන් රථයක් මහමගදී ගිනි ගනී ! විදේශිකයින් පිරිසක් නූලෙන් ගැලවෙති !! ( VIDEO)

Must read

panliyadda_van_fire_1විදේශිකයින් පිරිසක් රැගෙන දඹුල්ල බලා ගමන් කරමින් තිබූ සුඛෝභෝගී වෑන් රථයක් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ, පන්ලියද්ද ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසුව හටගත් ගින්නකින් එම වෑන් රථය සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් විය.

අද ( 9 දා) දහවල් සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ රුමේනියානු ජාතික අඹුසැමි යුවලක් , ඔවුන්ගේ දස හැවිරිදි පුත්‍රයා සහ වෑන් රථයේ රියදුරු ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මාර්ගයෙන් ඉවතට පැනීමේදී එම වෑන් රථය මාර්ගය අයිනේ තිබූ අධිබලැති විදුලි රැහැන් කණුවක්ද කඩාගෙන ගොස් බෑවුමකට පෙරලී තිබේ. එම බෑවුමේ පිහිටි වෙළදසැලක වහලයක් මතට පතිත වූ වෑන් රථය උඩට අධිබල විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊට විදුලියද කාන්දු වී තිබේ.

අනතුර සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි යුද හමුදා සේවයේ නියුතු ඩබ්ලිව්. එම්. ජී. මද්දුම බණ්ඩා මහතා විසින් මහතා ඔහු අත තිබූ යතුරුපැදි හෙල්මටයෙන් ගසා වාහනයේ විදුරුවක් කඩා දැමීමෙන් පසුව වාහනය තුළ සිරවී සිටි විදේශිකයින් පිරිස සහ රියදුරු ඉවතට ගෙන තිබේ. පිරිස ඉවතට ගැනීමෙන් විනාඩි කිහිපයකට පසුව වෑන් රථයට ගිනි ඇවිලී ගිය බව සිද්ධිය දුටුවෝ කීහ.පසුව එහි පැමිණි දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න නිවා දැමූ නමුත් ඒ වනවිටත් වෑන් රථයෙන් වැඩි ප්‍රමාණයක් දැවී ගොස් තිබිණි.

රෝහල් ගතකෙරුණු පුද්ගලයින්ගේ තත්වය බරපතල නොවන බව ගලේවෙල දිසා රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසූ අතර ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඡායාරූප සහ වීඩියෝ දර්ශණ අනුග්‍රහය – ගලේවෙල මොහොමඩ් බුහාර්ඩීන්panliyadda_van_fire_2 panliyadda_van_fire_3 panliyadda_van_fire_4 panliyadda_van_fire_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article