Saturday, April 20, 2024

මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් දොට්ට දැමූ ටිකිරි බණ්ඩා පොල්ගහවෙලින් දොට්ට වැටෙයි.

Must read

tikiri_banda_1ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11 දා ) සිදුකළ ආසන සංවිධායක තනතුරු සංශෝධනයේදී පොල්ගහවෙල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි ටිකිරි බණ්ඩා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා එම තනතුරට පත්කර තිබේ.

තනතුරින් ඉවත්කළ ටිකිරි බණ්ඩා වෙත වෙනත් ආසන සංවිධායක තනතුරක් හෝ වෙනත් කිසිදු තනතුරක් පිරිනැමීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කටයුතු නොකිරීම විශේෂත්වයකි. වයඹ පළාත් සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින ටිකිරි බණ්ඩා, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවැති පළාත් සභා රැස්වීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අපහාසාත්මක ලෙස බැණ වැදී පළාත් සභා රැස්වීමෙන් පළවා හැරීම සම්බන්ධයෙන් ක‍්‍රප‍්‍රකටව සිටියේය. ටිකිරි බණ්ඩාගේ මෙම හැසිරීමට විරෝධය පළකරමින් මාස 06 කට වැඩි කාලයක් තිස්සේ මාධ්‍යවේදීහු වයඹ පළාත් සභා රැස්වීම වාර්තා කිරීමෙන් වැළැකී සිටියහ.

මාධ්‍යවේදීන් පළවා හැරීමේ සිදුවීම හරහා ඇති කරගත් අපකීර්තිය සහ පසුගිය මැතිවරණ ගණනාවකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොල්ගහවෙල ආසනයෙන් ලබා ඇති දරුණු පසුබෑම හේතුවෙන් ටිකිරි බණ්ඩා සංවිධායක තනතුරින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article