Saturday, April 20, 2024

කුරුණෑගල අලුත් සංවිධායක වේඩරුව එක්ක නුවර මැයි රැළියට යන්න හිටපු මන්ත‍්‍රී කමල් සහ ත්‍යාගරාජාත් එක්වෙති.

Must read

slfp_press_kurunegala_6ගොවි පවුලකින් දේශපාලනයට පිවිසි ගොවි පුතෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විසින් නායකත්වය දෙනු ලබන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය ඓතිහාසික මැයි රැළියක් වනු ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල ක‍්‍රියාකාරිහු පවසති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල ක‍්‍රියාකාරිහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ ( 20 දා ) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සමාජ සුබසාධන අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් වේඩරුව මහතා මෙලෙස පැවැසීය.
‘‘ මට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල ප‍්‍රධාන සංවිධායක තනතුර ලබාදීම පිළිබදව අතිගරු ජනාධිපති, ඒ වගේම අපේ පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට මගේ ස්තූතිය පළමුවෙන්ම පිරිනමන්න මම කැමැතියි. ඒ වගේම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලූ තේරීම් කමිටුවටත් මම ස්තූතිවන්ත වෙනවා මට ඒ පත්වීම ලබාදීම පිළිබදව. එදා අපේ පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැතිතුමා මේ පක්ෂය ආරම්භ කරනකොට මුල්කරගත්තේ පංච මහා බලවේගයයි. එහි එක් පිරිසක් තමයි කම්කරුවන්. ඒ නිසා පක්ෂය ආරම්භයේදීත්, අද වගේම අනාගතයේදීත් කම්කරුවා වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කරන පක්ෂය තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. මොකද අපේ රටේ සංවර්ධනය වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් වැඩි මෙහෙවරක් කරන්නේ කම්කරුවා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරුවා වෙනුවෙන් හැමදාම දැවැන්ත මෙහෙවරක් කළා. එවන් කම්කරුවන් සැමැරීම සදහා හැමදාම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අති දැවැන්තම මැයි රැළියක් පැවැත්වුවා. එදා අපි ඒ විදිහේ දැවැන්ත මැයි රැළියක් පැවැත්වුවා වගේම මෙවරත් අපේ පක්ෂයේ ගරු සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ශක්තිමත් මැයි රැළියක් පවත්වන්නට අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. මම මේ සංවිධායකම භාරගත්තාට පස්සේ මට ලොකු අභියෝගයක් තියෙනවා, ඒකාබද්ධ විපක්ෂයට ගිහින් ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එකතු කරගන්නේ කොහොමද, අපෙන් වෙන්වෙලා වෙනත් පක්ෂවලට ගිහින් ඉන්න අය රැකගන්නේ කොහොමද කියලා. ඒ නිසා මෙවර මැයි රැළියට මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාත් සමග පහුගිය කාලේ හිටපු සියලුම ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනුත්, ඒකාබද්ධ විපක්ෂයට එකතුවෙලා ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වගේම අපේ පක්ෂය හැර ගියපු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියලුදෙනාමත් එකතු කරගෙන කුරුණෑගල ආසනය නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් මහනුවරට ගෙනියන්න මම මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. අපේ අතිගරු ජනාධිපතිතුමා ගොවි පවුලක ඉපදිලා ගොවි පුතෙක් විදිහට දේශපාලනය ආපු කෙනෙක්. බණ්ඩාරනායක මැතිතුමාගේ පංච මහා බලවේගයේ කොටසක් වන ගොවින් නියෝජනය කරමින් ගොවි පුතෙක් නායකත්වය දෙන මෙවර මැයි රැළියට එකතු වෙන්න අපිත් දැන් සූදානම්වෙලා ඉන්නවා. ඒ නිසා මෙවර මැයි රැළිය සාර්ථක කරගැනීම සදහා කුරුණෑගල ආසනයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස මට පවරලා තියෙන වගකීම උපරිමයෙන්ම ඉටු කරන බව මම මේ වෙලාවේදී කියන්න ඕනෑ. අපෙන් වෙන්වෙලා ඒකාබද්ධ විපක්ෂයට ගිහින් ඉන්න අපේ හිටපු මන්ත‍්‍රීවරුත් එක්කත් මම දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වෙලාවේත් අපේ හිටපු නාගරික මන්ත‍්‍රීවරුන් දෙපළක් මාත් එක්ක මේ මේසයේ වාඩිවෙලා ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමා ගැන තියෙන පැහැදීම තවදුරටත් ගොඩනංවාගෙන අපේ හිටපු නාගරික සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම මමත් එක්ක මහනුවර මැයි රැළියට එකතුවෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.“

එහිදී අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක සරත් රත්නායක මහතා මෙසේ පැවැසීය.
‘‘ ඓතිහාසික මහනුවර නගරයේදී තමයි මෙවර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ. ඒ මැයි රැළිය ඓතිහාසික මැයි රැළියක්ම වේවි, ලංකාවේ පැවැත්වුණු දැවැන්තම මැයි රැළිය බවට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අවුරුදු හැට පහකටත් වැඩිය පැරණි පක්ෂයක්. මේ රටට ආවේණික සංස්කෘතිය, සභ්‍යත්වය සහ පොදු ජනයාගේ අවශ්‍යතාවයන් මත ගොඩනැගුණු පක්ෂයක්. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ අදහස් අනුව ගොඩනැගුණු මේ පක්ෂය, සිරිමාවෝ මැතිණිය විසින් පෝෂණය කරගෙන, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විසින් රැකගෙන ඇවිත් , මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි අය විසින් නායකත්වය දීපු පක්ෂයක්. මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ අපි දැකලා නැහැ පක්ෂය දුර්වල වෙන අවස්ථාවක්. ඒ දුර්වල වුණු හැම අවස්ථාවකම ජනතාව විසින් යළිත් මේ පක්ෂය ඔසවලා තිබ්බා. කාලයේදීත් සිදුවෙන්නේ ඒ දෙයමයි. බොහෝ අවස්ථාවල කොයි දේශපාලන පක්ෂයට වුනත් අර්බුද පැනනගිනවා. ඒ අර්බුද ජය ගෙන ඉදිරියට යාම තමයි පක්ෂයක තියෙන විශිෂ්ටත්වය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය පිළිබදව සලකා බැලුවොත් අවස්ථාව කිහිපයකදීම මෙවැනි අර්බුද ඇතිවුණා. ඒ හැම අර්බුදයක්ම විසදුණා. අපිට කියන්න ආඩම්බරයි ලබන අවුරුද්ද වෙනකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ රටට එක දිගට වසර විසිපහක් පුරාවට නායකත්වය දීලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදීත් ජනතාව අපේක්ෂා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති මත කටයුතු කරන ආණ්ඩුවක්. අපි නිරන්තරයෙන් දිස්ත‍්‍රික්කය පුරාම, රට පුරා ඇවිදිනවා. ඒ හැම තැනකින්ම ඇහෙන ජනතාවගේ අදහස් අනුව බලපුවාම ගොවි, කම්කරු ජනතාවගේ ලෙයින්, කදුළින් ගොඩනැගුණු මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සදාකාලිකවම පවතිනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පැවැත්වෙන මැයි රැළිය අතිසාර්ථක මැයි රැළියක් වෙන බව අපි විශ්වාස කරනවා. ’’

කුරුණෑගල මහනගර සභාවේ හිටපු නාගරික මන්ත‍්‍රී කමල් ගුණසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
‘‘ වසර හැට පහකට වැඩි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ ඉතිහාසය දිහා බැලූවාම පක්ෂයට හැමදාම යම් යම් අඩුපාඩු සහ ගැටලු ඇතිවෙලා තියෙනවා. 87,88 යුගයේදී වගේම 90 ගණන්වලදී පක්ෂයට යම් යම් අසානාසි වෙලා තියෙනවා. හැබැයි ඒ හැම යුගයකදීම අපේ පාක්ෂිකයින්, විශේෂයෙන්ම මේ පංච මහා බලවේගය විසින් පක්ෂය රැකගෙන තියෙනවා. අපේ මේ පාක්ෂිකයෝ ඉන්නේ ගමේ. ඒ නිසා අද එක එක කතා කියලා අවස්ථාවාදීන් විසින් මේ පාක්ෂිකයින් ඩැහැගන්න සූදානම් වුනත් ඒවාට පාක්ෂිකයින් ඔවුන්ට රැවටෙන්නේ නැහැ. මේ වසර දෙක හමාර තුළ පාක්ෂිකයින් හොදින් දැනුවත්වෙලා ඉවරයි. ඒ නිසා මම හිතනවා අපි කන්ද උඩරටදී මෙවර පවත්වන මැයි රළිය ඓතිහාසික එකක් වෙයි කියලා. ඒ වගේම අපේ නොමග ගිය සහෝදරයින්ගෙනුත් මම ඉල්ලීමක් කරනවා, එන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා. ඔබ එනතෙක් අපි දෑත් දිගු කරගෙන ඉන්නවා. ඔබ විසින් අරන්ගෙන තියෙන තීරණය වෙනස් කරලා ඔබට පුලුවන් අපිත් එක්ක නැවැත එකතුවෙන්න. ඒ සදහා තවමත් අවස්ථාව තියෙනවා. ඒ නිසා සැබෑ ශ‍්‍රී ලංකාකාරයින් විදිහට අපේ අතිගරු ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න මැයි පළමුවැනිදා මහනුවරට එන්න කියලා මම සියලූදෙනාට ආරාධනා කරනවා. ’’

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කුරුණෑගල මහනගර සභාවේ හිටපු නාගරික මන්ත‍්‍රී ත්‍යාගරාජා ක‍්‍රිෂ්ණපාල මහතා මෙසේ පැවැසීය.
‘‘ ද්‍රවිඩ ජනතාව විදිහට අපි අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න අපි කැප වී සිටිනවා. ඒ නිසා කම්කරු දිනය සැමැරීම නිමිත්තෙන් මැයි පළමුවැනිදා මහනුවරදී පැවැත්වෙන මැයි රැළියට අපි සියලූදෙනාම සහභාගිවෙන බව මම කියන්න කැමැතියි. ’’

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් එහිදී අදහස් දැක් වූ කුරුණෑගල මහනගර සභා අපේක්ෂක අබ්දුල් නසාර් මහතා මෙසේ පැවැසීය.
‘‘ කුරුණෑගල ආසනය නියෝජනය කරන මුස්ලිම් ජනතාව විදිහට අපි සියලුදෙනා මහනුවරදී පැවැත්වෙන මැයි රැළියට සහභාගිවීමට සූදානමින් සිටිනවා.’’

මාධ්‍ය හමුවට එක් වී සිටි පිරිසslfp_press_kurunegala_5
ලක්ෂ්මන් වේඩරුව මහතා අදහස් දක්වමින්slfp_press_kurunegala
සරත් රත්නායක මහතා අදහස් දැක් වූ අයුරුslfp_press_kurunegala_1
කමල් ගුණසිංහ මහතා අදහස් දක්වමින්slfp_press_kurunegala_4
 ත්‍යාගරාජා ක‍්‍රිෂ්ණපාල මහතා අදහස් දක්වමින්slfp_press_kurunegala_2
 අබ්දුල් නසාර් මහතා මහතා අදහස් දක්වමින්slfp_press_kurunegala_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article