Thursday, April 25, 2024

‘‘ මහනුවර මැයි රැළිය මගහැර වෙනත් මැයි රැළිවලට යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු පක්ෂයෙන් නෙරපන්න ! “

Must read

hiriyala_slfp_press_3පක්ෂය විසින් මහනුවරදී සංවිධානය කරන මැයි දින රැළියට සහභාගි නොවී වෙනත් මැයි රැළිවලට සහභාගිවන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගෙන ඔවුන් පක්ෂයෙන් නෙරපාහරින ලෙසට හිරියාල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරිහු, පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

හිරියාල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරිහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ ( 24 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ප‍්‍රධාන සංවිධායක, වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා මෙලෙස පැවැසීය.
‘‘  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙවර මහනුවරදී පවත්වන මැයි රැළියට සහභාගි නොවී අපේ පක්ෂයට එරෙහිව යම් යම් බලවේග ගොඩනගන්න කවුරු හරි උත්සාහ කරනවා නම්, පක්ෂයේ මැයි රැළියට එකතුනොවී වෙනත් කොහේ හරි තියෙන මැයි රැළියකට යන්න හදනවා නම්, අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් වැදලා ඉල්ලනවා කරුණාකරලා එවැනි අයට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්න කියලා. මොකද මේ පක්ෂය බණ්ඩාරනායක මැතිතුමා ජීවිත පරිත්‍යාගයෙන් හදපු පක්ෂයක්. ඒ වගේම ගොවි කම්කරු නායකයෙක් විදිහට අපේ රටේ ජනතාව ඔබතුමාට ආදරය කරනවා. රටේ මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තු නායකයෙක් විදිහට ඔබතුමා මේ පක්ෂයට නායකත්වය දෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ පක්ෂයට විරුද්ධව යන කවුරුහරි ඉන්නවා නම් ඒ අය සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග අරගෙන, ඒ අයව පක්ෂයෙන් අයින් කරලා ඒ අයට සුදුසු දඩුවම් ලබාදෙන්න කියලා. අපි මේ පක්ෂය රැකගන්න ඕනෑ. මේ පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් ඇතුලුව, පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු සහ ජීවිත පරිත්‍යාග කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ නාමයෙන් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පක්ෂයට එරෙහි වන අය පිළිබදව ක‍්‍රියාමාර්ග ගන්න කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම වෙනුවෙන් අපි දිවිහිමියෙන් කැපවී ඉන්නවා. හිරියාල ආසනය නියෝජනය කරන දෙදහසක පමණ ජනතාවක් ලෝක මැයි දිනය සැමරීම සදහා මම මහනුවරට අරගෙන එනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සාමාජිකයින්ට මම ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැදගෙන මෙවර මැයි රැළිය සාර්ථක කරගන්නට ඔබේ සහයෝගයත් ලබාදෙන්න කියලා. ’’

එහිදී අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක එම්.එස්.එම්. ෆාහිම් මහතා මෙසේ පැවැසීය.
‘‘  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායකවරයෙක් ලෙස මාව පත්කිරිම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති, මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට මගේ ස්තූතිය පළමුවෙන්ම පිරිනමන්න මම කැමැතියි. අපි අද ඊයේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නෙවෙයි. අපේ දෙමව්පියන්ගේ කාලේ ඉදලම අපි හොද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ඒ නිසා ඊයේ පෙරේදා හදාගත්තු පක්ෂවලට යන්න අපේ කිසිම අදහසක් නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වාසය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනකොටස් නියෝජනය කරමින් මෙවර මහනුවරදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ මැයි රැළියට අපි සියලුදෙනා සහභාගි වෙන බව කියන්න කැමැතියි. ’’

ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී චන්දන හේරත් මහතා එහිදී අදහස් දක්වමින් මෙලෙස පැවැසීය.
‘‘   1956 ඉදලා පක්ෂයත් එක්ක ඉන්න අපේ පාක්ෂිකයෝ සියලුදෙනා ගැටඹේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළියට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා. 1994 ඉදලා කොන්ත‍්‍රාත් කරපු, මංකොල්ල කාපු, ගස් කපපු, පස් කපපු පිරිස් තමයි පක්ෂයේ මැයි රැළියට සහභාගි නොවී ගාලුමුවදොර තියෙන මැයි රැළියට යන්න මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ. ඒ අය ඒ වරප‍්‍රසාද අද නැතිවෙලා ගිහින් තියෙන නිසා, අතිවිශාල මුදලක් වියදම් කරමින් මේ පක්ෂය දෙකඩ කරන්න මහන්සි වෙනවා. 1956 ඉදලා අපේ දෙමව්පියන් පවා දේපල ජීවිත පූජාකරමින් මේ පක්ෂය රැකගත්තා. මගේ සහෝදරයෙකුත් 2001 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළා. ඒ නිසා පටු අවස්ථාවාදී පුද්ගලයින්ට හසුනොවී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ගැටඹේ ක‍්‍රීඩාංගණයට එක්රොක් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ’’

එහිදී අදහස් දැක් වූ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ඒ. වී. සුරවීර මහතා මෙසේ පැවැසීය.
‘‘   ඉතිහාසය පුරාම අපි අපේ පක්ෂයේ නායකත්වයට ගරු කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය , චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කියන මේ සියලු නායකයින්ට අපි ගරු කළා. ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ පැරණිම සාමාජිකයෝ විදිහට පක්ෂය ආරක්ෂා කරමින්, පක්ෂයේ ඉදිරි ගමනට ශක්තියක් වෙමින් හිරියාල ආසනයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව මේ වෙලාවේ මතක් කරනවා.  ’’

මාධ්‍ය හමුවට එක් වී සිටි පිරිසhiriyala_slfp_press_1
කමල් ඉන්දික මහතා මහතා අදහස් දක්වමින්hiriyala_slfp_press_2
එම්.එස්.එම්. ෆාහිම් මහතා අදහස් දැක් වූ අයුරුhiriyala_slfp_press_4
චන්දන හේරත් මහතා අදහස් දක්වමින්hiriyala_slfp_press_5
ඒ. වී. සුරවීර මහතා අදහස් දක්වමින්hiriyala_slfp_press_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article