Friday, April 19, 2024

ධාවනය වෙමින් තිබියදී රෝද ගැලැවුණු පොල්කොට ලොරියක් පාර මැද පෙරළෙයි.

Must read

kumbukwewa_lorryපොල්කොට තොගයක් පටවාගෙන ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරියක් අද  (25 දා) දහවල් මාර්ගය මැද පෙරළී ගොස් තිබුණේ මෙලෙසිනි.

ඉබ්බාගමුව කුඹුක්වැව ප‍්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාලයක් හෝ නොලබා දිවිගලවා ගැනීමට සමත්විය. පොල්කොට පටවාගෙන ධාවනය වෙමින් තිබූ ලොරියේ පසුපස රෝද යුගළය එක්වරම ගැලැවී ලොරියෙන් ඉවතට විසි වූ බවත්, ඒ සමගම රියදුරුගේ පාලනයෙන් මිදුණු ලොරිය මාර්ගය මැද පෙරලී ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ. ලොරියෙන් ගැලැවී ගිය රෝද යුගලය පෙරලී ගිය ලොරිය ආසන්නයේ වැටී තිබූ අයුරු දැකගත හැකිවිය.

ලොරියට පටවා තිබූ පොල්කොට තොගයේ අධික බර හේතුවෙන් එහි පසුපස රෝද ගැලැවී යන්නට ඇති බවට සැකකෙරෙන අතර කුඹුක්ගැටේ පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පෙරලී ගිය ලොරියkumbukwewa_lorry_1 kumbukwewa_lorry_2 kumbukwewa_lorry_3
ගැලැවී ගොස් තිබූ රෝද යුගළයkumbukwewa_lorry_4( ඡායාරූප – නලින්ද බණ්ඩාර )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article