Thursday, April 18, 2024

අයන්සයිඩ් පුහුණු පාසලෙන් ආධුනික සෙබඵන් 155ක් විසිර යති.

Must read

pangolla_passoutශ‍්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඉබ්බාගමුව, පාන්ගොල්ල අයන්සයිඩ් කදවුරු පුහුණු පාසලේ 14 වැනි පුහුණු පාඨමාලාව යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළුන් 155 දෙනකුගේ විසිරයාමේ උත්සවය එම පුහුණු පාසල් සරඹ භූමියේදී පසුගියදා (29 දා) පැවැත්විණි.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, සිංහ රෙජිමේන්තුව සහ ඉංජිනේරු සේවා බලකාය රෙජිමේන්තුව යන රෙජිමේන්තුවලට අයත් සෙබළුන් පිරිසක් එකට පුහුණුව ලබා විසිරයෑම මෙම උත්සවයේ තිබූ විශේෂත්වය විය.

ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්. අයි. පී. විදානගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විසිරයාමේ උත්සවයේදී දක්ෂතම වෙඩික්කරු ලෙස ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආධුනික සෙබල වයි. ඒ. එස්. එන්. ඥාණරත්න සහ සෑම අංශයකින්ම අතිශූර සෙබලා ලෙස ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබල ඩී. සී. තිලකරත්න සම්මාන ලැබූහ.

මේජර් පී. ඒ. ආර්. විජේරත්න මහතා විසින් විසිරයාමේ පෙළපාලියේ අණදීම සිදුකළ අතර පුහුණුව නිමාකළ ආධුනික සෙබළුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සියැසින් දැකබලා ගැනීම පිණිස සහාභාගි වී සිටියහ.pangolla_passout_3 pangolla_passout_1 pangolla_passout_2 pangolla_passout_4 pangolla_passout_5 pangolla_passout_6 pangolla_passout_7 pangolla_passout_8 pangolla_passout_9 pangolla_passout_10 pangolla_passout_11

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article