Tuesday, April 16, 2024

දයාසිරිගේ බෙදිල්ලේ තරම ඩී.බී.හෙළිකරයි !

Must read

DBවයඹ පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ ලබාදීම සදහා වැය කළ බව කියන රුපියල් කෝටි 4 කට වැඩි මුදලින් සියයට පනස් දෙකක්ම වැය කර ඇත්තේ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයට භාණ්ඩ ලබාදීමට බව පළාත් විගණන දෙපාර්තමේන්තුව විසින් කළ විගණනයකදී අනාවරණය වී ඇතැයි වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ සභාපති ඩී. බී. හේරත් මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී පැවසීය.

වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී අදහස් දැක් වූ ඩී. බී. හේරත් මහතා මේ බව පැවසීය.

රුපියල් කෝටි හතරකට වැඩි මුදල් ප‍්‍රමාණය බෙදී ගොස් ඇති ආකාරය පිළිබද විග‍්‍රහ කිරීමේදී එම මුදලින් සියයට පනස් දෙකක් වියදම් කර ඇත්තේ පඩුවස්නුවර ආසනය වෙනුවෙන් බව මේ වන විට තහවුරු වී ඇතැයි හෙතම පැවසීය. එලෙස රුපියල් කෝටි ගණනක් වැය කරමින් වයඹ ප‍්‍රධාන අමාත්‍යංශය මගින් පඩුවස්නුවර ආසනයට ලබාදුන් භාණ්ඩ භාරගෙන ඇත්තේ පාසලක මුරකරුවෙකු විසින් බවත් අදාළ ලිපිලේඛණ හරහා මේ වන විට අනාවරණය වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එම විගණන වාර්තාවේ සදහන් කරුණු පිළිබදව වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේදී සාකච්ඡා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාගැනීමෙන් පසුව අදාල විගණන වාර්තාව පළාත් සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඩී. බී. හේරත් මහතා පැවසීය. මන්ත‍්‍රීවරුන්ගේ ඡන්දයෙන් ලබාගත් මුදල් යොදාගනිමින් ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරුන්ට පවා නොදන්වා හිටපු මහ ඇමැතිවරයා භාණ්ඩ බෙද ඇත්තේ එලෙසින් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article