Thursday, April 25, 2024

රාජ්‍ය වෙසක් උත්සවයට වට්ටාරමට එන ජනතාව ගසාකෑමේ ජාවාරමක් !

Must read

wattarama_car_parkකෑගල්ල, වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය දැකබලා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් ගසාකෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට අපහසුතාවට පත් ජනතාව චෝදනා කරති.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 රාජ්‍ය වෙසක් මහෝත්සවය වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පසුගිය 09 වැනිදා පැවැත්වුණු අතර ඊට සමගාමීව වෙසක් කලාපයක්ද එම විහාරස්ථානය ආශ‍්‍රිතව මේ වනවිට ක‍්‍රියාත්මකවෙමින් තිබේ. වට්ටාරම රජමහා විහාරස්ථානය අවට පිහිටුවා ඇති රථගාල්වලින් වෙසක් කලාපයට පැමිණෙන ජනතාවගෙන් අධික මිල ගණන් අයකරන බව ජනතාව කියති. එහි නවතා තැබෙන මෝටර් රථයකින් රුපියල් සියයක් අයකෙරෙන නමුත් ඒ සදහා පිළිගත හැකි රිසිට්පතක් නිකුත් නොකරන බවද වාර්තා වෙයි. අදාල රථගාල් පාලනය කරන පුද්ගලයින්ගෙන් ඒ සදහා රිසිට්පතක් ඉල්ලා සිටීමේදී වට්ටාරම රජමහා විහාරය යනුවෙන් සදහන් තුණ්ඩු කැබැල්ලක් ලබාදෙන නමුත් එය වට්ටාරම රජමහා විහාරයෙන් නිකුත්කෙරුණු එකක් බවට තහවුරු කෙරෙන අනු අංකයක්, නිල මුද්‍රාවක් හෝ අත්සනක් එහි සටහන් වී නොමැත. එමෙන්ම අදාල තුණ්ඩු කැබැල්ලේ වාහන නැවතුම් ගාස්තුවක් නිශ්චිත වශයෙන් මුද්‍රණය කර නැති අතර එහි ඕනෑම මුදලක් සදහන් කිරීම සදහා හිස් කොටුවක් සටහන් කර තිබීමද විශේෂත්වයකි. මෙම රථගාල් පාලනය කරන පිරිස් වට්ටාරම විහාරස්ථානයට සම්බන්ධයක් ඇති බවට කිසිදු හදුනාගැනීමක් කළ නොහැකි බවත්, ඔවුන් විසින් අයකෙරෙන මුදල් සැබැවින්ම විහාරස්ථානයට ලැබෙන්නේදැයි සැක සහිත බවද ජනතාව කියති. රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් ඉතා විශාල මුදලක් වැයකරමින් රජය විසින් නවීකරණය කෙරුණු වට්ටාරම රජමහා විහාරයේ නම යොදාගනිමින් මෙම වෙසක් සමයේදී එක් එක් පුද්ගලයින් ජනතාව ගසාකෑම කණගාටුවට කරුණක් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

අනු අංකයක් හෝ නිල මුද්‍රාවක් නොමැතිව රථගාල්වලින් නිකුත්කෙරන ලදුපතwattarama_car_park_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article