Friday, March 29, 2024

වෙසක් සතියේදී පැවිදි වූ සාමණේර හිමිවරු පළමු දනට වඩිති.

Must read

drc_pinkamaමීට සතියකට පමණ පෙරදී පැවිදි දිවියට පිවිසි සාමණේර හිමිවරුන් 75 නමක් උදෙසා පළමු දන් පිළිගැන්වීම දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරිණි.

මෙලෙස දන් පිළිගැන්වුණේ කුල දරුවන් පන්සියයක් සසුන් ගතකිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අසලදී මැයි මස 2 වැනිදා පැවිදි දිවියට පත් සාමණේර හිමිවරුන් 75 නමක් වෙනුවෙනි.

රුවන්වැලි සෑය අසලදී පැවිදි බව ලැබූ සාමණේර හිමිවරුන් 75 නමක් රම්බඩගල්ල, මොණරාගල විද්‍යාසාගර පිරිවෙන වෙත මේ වනවිට වැඩම කර සිටිති. උන්වහන්සේ එම පිරිවෙනෙහි වැඩවසමින් අධ්‍යාපනය ලැබීමට නියමිතව සිටිති. පැවිදිවීමෙන් පසුව පළමු සතිය තුළ සාමණේර පුහුණුව ලැබූ මෙම සාමණේර හිමිවරුන් 75 දෙනා දානයක් පිළිගැනීම සදහා පළමුවරට වැඩමවනු ලැබුවේ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලය වෙතය.

රිදීගම නගර මධ්‍යයේ සිට පෙරහැරින් විද්‍යාලය කරා වැඩමවනු ලැබූ සාමණේර හිමිවරුන් මහත් බැතියෙන් පිළිගත් ගුරුවරුන්, සිසුන් සහ මව්පියන් විසින් උන්වහන්සේ වෙත දන් පැන් පිළිගැන්වූහ.

දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ විදුහල්පති ජගත් එම් ජයසේකර මහතාගේ උපදෙස් මත විද්‍යාලයිය ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සහයද ඇතිව ප්‍රාථමික අංශ දරුවන්ගේ මව්පියන් විසින් මෙම පින්කම සංවිධානය කර තිබිණි.drc_pinkama_6 drc_pinkama_2 drc_pinkama_3 drc_pinkama_4 drc_pinkama_5 drc_pinkama_7 drc_pinkama_8 drc_pinkama_9 drc_pinkama_10 drc_pinkama_11 drc_pinkama_12 drc_pinkama_1drc_pinkama_15drc_pinkama_13 drc_pinkama_14 drc_pinkama_16 drc_pinkama_17 drc_pinkama_18 drc_pinkama_19drc_pinkama_20drc_pinkama_21drc_pinkama_22
drc_pinkama_23
drc_pinkama_24 drc_pinkama_25 drc_pinkama_26 drc_pinkama_27 drc_pinkama_28 drc_pinkama_29 drc_pinkama_30 drc_pinkama_31 drc_pinkama_33 drc_pinkama_34 drc_pinkama_35

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article