Friday, April 19, 2024

ඕමාරගොල්ලේදී ලොරි තුනක් එකට ගැටී ගඩොල් ව්‍යාපාරිකයෙක් මියයයි.

Must read

omaragoalla_accident_2017_05_16මැටල් තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී ගඩොල් ප‍්‍රවාහනය කරමින් තිබූ තවත් ලොරියක ගැටීමෙන් එම ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ මැටල් ලොරියේ රියදුරු  අද (16 දා) දහවල් දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කුරුණෑගල දෙසින් පැමිණි මැටල් ලොරිය ඊට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් පැවැති ගඩොල් ලොරියේ මුහුණට මුහුණ ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම අවස්ථාවේදී ගඩොල් ලොරිය පිටුපසින් ධාවනය වෙමින් තිබූ කෙසෙල්කැන් ප‍්‍රවාහනය කරමින් තිබූ බට්ටා වර්ගයේ ලොරි රථයක්ද වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් ගඩොල් ලොරියේ පසුපස ගැටී තිබිණි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථ රියදුරන් දෙදෙනා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහල වෙත මාරුකර යවා තිබේ. ගඩොල් ලොරියේ රියදුරු දඹුල්ල රෝහලේදී ජීවිතක්ෂයට පත් වී ඇති අතර මැටල් ලොරියේ රියදුරු එහිදී තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. අනතුරින් බට්ටා ලොරියේ රියදුරුට තුවාල සිදුවී නොමැත.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචි ගඩොල් ව්‍යාපාරිකයෙකි.

ගලේවෙල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.omaragoalla_accident_2017_05_16_1 omaragoalla_accident_2017_05_16_2 omaragoalla_accident_2017_05_16_3 omaragoalla_accident_2017_05_16_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article