Friday, April 19, 2024

පාසල් සිසුන් බිලිගන්නා සම්බාහන මධ්‍යස්ථානයක් බෝහිංගමුවේ !

Must read

bohingamuwa-masajආයුර්වේද මධ්‍යස්ථානයක් බවට අගවමින් කුලියාපිටිය, බෝහිංගමුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක් වෙත යෑමට ප‍්‍රදේශයේ ලාබාල පාසල් සිසුන් විශාල වශයෙන් ඇබ්බැහි වී සිටීම හේතුවෙන් අදාල සම්බාහන මධ්‍යස්ථානය සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී ඊයේ (16 දා) පැවසීය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී ඊයේ පෙරවරු 9.30 ට පමණ පළාත් සභා රැස්විය. එහිදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දැක් වූ සමන්ප‍්‍රිය හේරත් මහතා, ලියාපදිංචි ආයුර්වේද මධ්‍යස්ථානයක් බව දැක්වෙන බෝඞ් ලෑල්ලක් එල්ලාගෙන අදාල සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන නමුත් එහි ඇතුළත සිදුවන්නේ වෙනත් කාර්යයන් බව පැවසීය. අදාල සම්බාහන මධ්‍යස්ථානය වෙත යෑමට වැඩි වශයෙන් පුරුදු වී සිටින්නේ ප‍්‍රදේශයේ පාසල් සිසුන් වීම භයානක තත්වයක් බවද හෙතෙම පැවසීය. තම මව්පියන් විසින් උපකාරක පන්තියාම සදහා ලබාදෙන මුදල් වැයකරමින් ලාබාල වයසේ පසුවන පාසල් සිසුන් මෙම සම්බාහන මධ්‍යස්ථානයට යන බවත්, පසුගිය දිනෙක එම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් සිටි සිසුන් පිරිසක් ඔවුන්ගේ මව්පියන් විසින් එම ස්ථානයට පැමිණ අතටම අල්ලාගෙන ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය. ප‍්‍රදේශයට මහත් ව්‍යසනයක් බවට පත්වී ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතැම් දේශපාලනඥයින්ද සම්බන්ධ බව කියැවෙන බවත්, ඒ පිළිබදව සොයාබලා කඩිනම් පියවරක් ගැනීම වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ පළාත් ආයුර්වේද දොපාර්තමේන්තුවේ වගකීමක් බවද හෙතෙම පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සමාජ ව්‍යසනයක් බවට පත් වී ඇති අදාළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබදව හෙළිකිරීම සම්බන්ධයෙන් සමන්ප‍්‍රිය හේරත් මහතාට ස්තූති කළ අතර විශේෂ කටයුත්තක් සේ සලකා ඊයේ (16 දා) පැවැත්වීමට නියමිතව තිබූ වයඹ පළාත් සභා කැබිනට් රැස්වීමේදී ඒ පිළිබද සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද පැවසීය.

සමන්ප‍්‍රිය හේරත් මහතා වයඹ පළාත් සභාවේදී අදහස් දැක් වූ අයුරු bohingamuwa-masaj_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article