Saturday, April 20, 2024

කෝටිපතියෙක් යැයි නම් ලැබූ ආනන්ද වෙඩිසිංහගේ අද තත්වය ගැන වයඹ පළාත් සභාවේදී හෙළිදරව්වක් !

Must read

wedisinghe_nwpහදිසි අනතුරකට ලක්ව මහනුවර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙන යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහගේ වත්මන් තත්වය සහ ඔහු මුහුණදුන් අනතුර පිළිබදව වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා විසින් පසුගිය 13 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

ආනන්ද වෙඩිසිංහගෙන් වයඹ පළාතට සහ රටට ලැබුණු කීර්තිය පිළිබදව මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු විසින් ත්‍රිවිධ හමුදාව, පළාත් පාලන ආයතන ඇතුලු ආයතන වෙනුවෙන් කළ රුපියල් කෝටි ගණනින් වටිනා පරිත්‍යාගයන් පිළිබදවද පියුමාල් හේරත් මහතා එහිදී සිහිපත් කළේය.

නුවරඑළියේ පැවැති අදාල තරගය වෙඩිසිංහගේ නම විකුණමින් එහි සංවිධායකයින් විසින් සංවිධානය කර ඇතත් අනතුරට පත් වෙඩිසිංහ ක්‍රිඩකයා සිහිසුන් වී බිම වැටී සිටියදීත් තරගය නොනවත්වා පැවැත්වීමට සංවිධායකයින් විසින් කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය. වෙඩිසිංහ ඇද වැටී සිටි ස්ථානය වෙත ළගාවීමට විනාඩි විස්සකට වැඩි කාලයක් ප්‍රමාදවීම ඔහුගේ තත්වය මෙතරම් බරපතල වීමට හේතු වී ඇතැයිද හෙතෙම පැවසීය.

වෙඩිසිංහට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර සදහා විශාල මුදලක් වැයවන බැවින් ඔහුගේ පවුලේ ඥාතිහු මේ දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බවත්, වෙඩිසිංහ පදිංචි නිවස පවා විකිණීමට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

වැඩිදුර වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම සදහා වෙඩිසිංහ ජපානය වෙත ගෙනයාමට ඔහුගේ ඥාතීහු විසින් මේ වනවිට සැලසුම් කරමින් සිටින බවත් ඒ සදහා විශේෂිත ගිලන් ප්‍රවාහන ගුවන් යානාවක් මෙරටට ගෙන්වාගැනීම සදහා රුපියල් ලක්ෂ 350 කට ආසන්න මුදලක් වැයවන බවද හෙතෙම පැවසීය. ඊට අමතරව ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් තවත් එවැනිම මුදලක් වැයවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පියුමාල් හේරත් මහතා වයඹ පළාත් සභාවේදී කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝ දර්ශණවලින් නැරඹිය හැකිය.



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article