Friday, March 29, 2024

ඉබ්බාගමුව මැදි විදුහල් වජ‍්‍ර ජයන්ති සැමැරුම්, රථ පෙළපාලියෙන් හා පාගමනින් හෙට ඇරඹෙයි.

Must read

icc_pressමධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කෙරුණු මෙරට තෙවැනි මධ්‍ය විද්‍යාලය වන ඉබ්බාගමුව මැදි විදුහල මෙම වසරේදී සිය 75 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

වජ්‍ර ජයන්තිය සැමැරීම වෙනුවෙන් ඉබ්බාගමුව මැදි විදුහලේ වත්මන් විදුහල්පතිනිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර හෙට (21 දා) සිට විදුහල කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන් ක්‍රියාත්මකවීමට නියමිත බව පසුගියදා කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි.

ඉබ්බාගමුව මැදි විදුහල් වජ‍්‍ර ජයන්ති සැමැරුම් වැඩසටහන්වල පෙළගැස්ම පහත දැක්වෙයි.

හෙට උදෑසන 8.30 ට කුරුණෑගල, යන්තම්පලාවෙන් ආරම්භ වන රථ පෙළපාලිය කුරුණෑගල නගරය හරහා ගමන්ගනිමින් පෙරවරු 11.30 ට පමණ යකල්ලට ළගාවීමට නියමිතව තිබේ. එතැන් සිට විද්‍යාලයේ වත්මන් සහ ආදි සිසු සිසුවියන් සහ සුබපතනන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරෙන පා ගමන විද්‍යාලය දක්වා ගමන්කිරිමට නියමිතය.

මැයි මස 22 වැනි සදුදා සිට 26 වැනි සිකුරාදා දක්වා ඉබ්බාගමුව මැදි විදුහල් භූමියේදී අධ්‍යාපනික ප්‍රදර්ශණයක් සහ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“සුවවරුණ දිනය“ලෙස නම් කර ඇති මැයි 22 වැනි සදුදා දිනයේදී පාසල් ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ නිරෝගීකම පිළිබදව දැනුවත්කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය. ඒ සදහා දායකත්වය ලබාදෙන්නේ වසර 75 ක කාලය තුළ වන ඉබ්බාගමුව මැදි විදුහලෙන් බිහි වූ වෛද්‍යවරුන්වීම විශේෂත්වයකි.

මැයි 23 වැනි අගහරුවාදා දිනය “සිත නිවන ලලිත කලා“ දිනය ලෙස නම් කර ඇති අතර එදින විද්‍යාලයෙන් බිහි වූ සංගීත සහ නාට්‍ය ශිල්පීන්ගේ දායකත්වයෙන් කලාව සහ රසාස්වාදය වෙනුවෙන් සැකසුණු වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට නියමිතව තිබේ. නාට්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති සහ කේ.බී. හේරත් මහත්වරුන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වෙන විශේෂ රසවින්දන වැඩසටහනක්ද එදින ඉබ්බාගමුව මැදි විදුහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Beyond 2025 ලෙස නම් කර ඇති මැයි 23 වැනි බදාදා දිනයේදී වාණිජ සහ මූල්‍ය කළමණාකරණය, බලශක්ති සුරැකුම, පරිසර සංරක්ෂණය සහ සම්පත් අරපිරිමැස්ම ඇතුලු අනාගත ලෝකය පිළිබදව සිසුන් දැනුවත්කිරීමේ වැඩමුලු සහ සම්මන්ත්‍රණ ගණනාවක් පැවැත්වීමට නියමිතය.

“ හෙට දිනන දැයකට“යන මැයෙන් අනාගත නායකයින් බිහිකිරීම අරමුණු කරගත් පෞර්ෂත්ව සංවර්ධන වැඩසටහනක් ඉබ්බාගමුව මැදි විදුහලේදී පැවැත්වෙන්නේ මැයි 25 වැනි බ්‍රහස්පතින්දාය. පාසලේ සේවය කර විශ්‍රාම දිවිය ගතකරමින් සිටින විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇගයීමේ “ඇදුරිදු ප්‍රණාම උළෙල“ද එදින විද්‍යාලීයිය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , වජ්‍ර ජයන්ති සංවත්සර සමාප්ති උළෙල මැයි 26 වැනි සිකුරාදා ඉබ්බාගමුව මැදි විදුහලේදී පැවැත්වෙන අතර එදින 75 වැනි සංවත්සර සමරු මුද්දරය එළිදැක්වීමද අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් සිදුවෙයි.

මැයි මස 28 වැනිදා රෝහණ බෝගොඩ, සෝමතිලක ජයමහ සහ බණ්ඩාර අතාවුද නිරෝෂා විරාජිනී යන ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් 75 මියැසි මංසල සංගීත සුයාමය පැවැත්වෙන්නේ කුරුණෑගල නගර ශාලාවේදීය.

විද්‍යාලයේ ආදි සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය වන ආදි සිසු ක්‍රීඩා සැණකෙළිය ජූනි 04 වැනිදා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

වජ්‍ර ජයන්ති සැමැරුම් වැඩසටහන් පිළිබදව දැනුවත්කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවේදී ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය සහ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් අදහස් දැක්වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.icc_press_3 icc_press_2 icc_press_4 icc_press_5 icc_press_6 icc_press_7 icc_press_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article