Thursday, April 25, 2024

පන්නල නිවසක සිවිලිමේ කසිප්පු තිප්පොලක් සොයා පොලිසියෙන් මෙහෙයුමක් ! – VIDEO

Must read

pannala_raid

පන්නල, රාවිට ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක සිවිලිමේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු පෙරීමේ තිප්පොලක් වටලා පෙරුම් උපකරණ තොගයක් සමග අදාල නිවසේ හිමිකරු කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය අත්අඩංගුවට ගනු ලැබීය.

එම ස්ථානයේ තිබූ ගෝඩා බැරල් 3ක්, ගෑස් ටැංකි , ගෑස් ලිප් සහ තඹ දගර ඇතුලු උපකරණ තොගයක් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. කසිප්පු පෙරීම සදහා නිවෙසේ සිවිලිම වෙනම සකසකර, ගෑස් භාවිතයෙන් කසිප්පු නිපදවීම සැකකාර නිවෙස් හිමියා විසින් කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පොලිසිය විසින් අදාල නිවස වැටලූ අවස්ථාව වීඩියෝ දර්ශණවල දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article