Friday, March 29, 2024

ත්‍රිරෝද රථයක් සිමෙන්ති ලොරියක ගැටී අයියයි, මල්ලියි මරු දකිති.

Must read

galewela_ac

ගලේවෙල, පහලවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ සිමෙන්ති තොගයක් පැටවූ ලොරියක් එකිනෙක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන්කරමින් සිටි සොහොයුරන් දෙදෙනෙකු අද ( 31 දා ) අලුයම ජීවිතක්ෂයට පත්වූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ගලේවෙල, රන්වෙඩියාව ප්‍රදේශයේ පදිංචි උමර් මොහිදීන් (35) සහ යසීර් අරෆත් (29) නැමැති දෙසොහොයුරන්ය.

කොළඹ සිට සමන්තුරේ වෙත සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය සහ ත්‍රිරෝද රථය මුහුණට මුහුණලා ගැටී ඇති බවත්, එතුළ සිටි සහෝදරයන් දෙදෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ඔවුන්ගේ නිවස වෙත යමින් සිට ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරට ලක් වූ තිරෝද රථය, ලොරිය තුල සිරවී තිබී ඇති අතර පහලවැව ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක් දරා තුවාලකරුවන් ගලවාගෙන දඹුල්ල මුලික රෝහලට වෙත ගෙනගොස් ඇති නමුත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිට තිබේ.

අනතුරට හේතුව අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගලේවෙල මොහොමඩ් බුහාර්දීන්

galewela_ac_2 galewela_ac_4 galewela_ac_1 galewela_ac_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article