Thursday, April 25, 2024

පාරවල්වලට බොරඵ අදින ලොරිවලිනුත් රිදීගම පොලිසිය සන්තෝසම් ගන්නවාලු !

Must read

16Fir08running.qxp

මාර්ග සංවර්ධන ව්‍යාපෘති සදහා බොරඵ ප‍්‍රවාහනය කිරීමට නීත්‍යානුකූල අවසරය ලබා දී ඇති ලොරි රථවලින් පවා ඇතැම් පොලිස් නිලධාරින් විසින් සන්තෝසම් ඉල්ලා සිටීම හේතුවෙන් එම මාර්ග ව්‍යාපෘති නියමිත කාලයට පෙර අවසන් කළ නොහැකිවීමේ අවදානමක් මතු වී ඇතැයි රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති, වයඹ පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා මහතා පැවැසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශය තුළ මාර්ග ව්‍යාපෘති පහක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත්, මෙම ව්‍යාපෘති සියල්ල ලබන වසර වන විට අවසන් නොකළහොත් ඒ සදහා වෙන්කර ඇති මුදල් ආපසු යන බවද හෙතෙම පැවසීය. මෙම මාර්ග ව්‍යාපෘති සදහා බොරඵ කියුබ් හාරදහසක් පමණ අවශ්‍ය බවත්, එම බොරඵ ප‍්‍රමාණය ලොරි රථ හතක් යොදාගනිමින් දැනට ප‍්‍රවාහනය කෙරෙමින් ඇති නමුත් එක් දිනකට එක් ලොරියකින් ප‍්‍රවාහනය කළ හැක්කේ එක් බොරඵ තොගයක් පමණක් බවද මන්ත‍්‍රීවරයා පැවසීය. එවැනි අපහසුතා මැද බොරඵ ප‍්‍රවාහනයේ යෙදෙන මෙම ලොරිරථ වලින් අතරමග රැදී සිටින ඇතැම් පොලිස් නිලධාරින් විසින් සන්තෝසම් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසීය. බොරඵ ප‍්‍රවාහනය කිරීමට නීත්‍යානුකූල අවසර හිමි වී ඇති මෙම ලොරිරථ වලට එවැනි බාධාකිරීම් නොකර එම කාර්යයේ නිරතවීමට අවස්ථාව සලසාදෙන්නැයි මන්ත‍්‍රීවරයා මෙහිදී රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article