Friday, April 19, 2024

මැකො නලුකමට බසී ! ( VEDIO )

Must read

voters_day

උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සභභාගිවීමට පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා එම උත්සවයේ විශේෂාංගයක් ලෙස වේදිකා ගත වූ නාට්‍යයක රංගනයකට එක්වීමේ දුලබ අවස්ථාවක් වයඹ ටුඩේ කැමරාවෙහි මෙලෙස සටහන් විය.

මහින්ද දේශප‍්‍රිය මහතා මෙලෙස රංගනයට එක්වූයේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී පෙරේදා (03 දා) පැවැති ඡන්දදායක දින සැමරුම් උත්සවයක් අතරතුර වේදිකාගත කෙරුණු නාට්‍යයකටය.

ඡන්දයෙන් පරාජය වූ අපේක්ෂකයෙක් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට අල්ලස් ලබාදී ප්‍රතිඵලය වෙනස් කරන ආකාරය එම නාට්‍ය කණ්ඩායම විසින් රගදැක්වූ අතර එම ජවනිකාව නැරැඹූ මහින්ද දේශප්‍රිය මහතා අදාල ජවනිකාවේ එන මැතිවරණ කොමසාරිස්වරයාගේ චරිතය තමන්ට රගදැක්වීමට අවශ්‍ය බව කියමින් වේදිකාවට ගොඩවිය. ඒ අනුව රංගන ශිල්පීන් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට අල්ලස් දෙන ආකාරය යළි රගදැක්වූ අතර , මහින්ද දේශප්‍රිය මහතා විසින් සිය සුපුරුදු ස්වභාවයෙන්ම ඊට ප්‍රතිචාර දැක්වීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ රංගන හැකියාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

මෙම උත්සවය සහ ඊට සමගාමීව පැවැති දැනුවත්කිරීමේ පාගමනේ සේයා රූ කිහිපයක්ද පහත දැක්වෙයි.

voters_day_1 voters_day_2 voters_day_3 voters_day_4 voters_day_5 voters_day_6 voters_day_8 voters_day_9 voters_day_7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article