Thursday, April 25, 2024

වයඹ පළාත් සභාවේ පත්වීම් වෙළද භාණ්ඩ බවට පත්වෙලා !

Must read

nwp_job

වයඹ පළාත් සභාවේ අමාත්‍යංශ හරහා ඇමැතිවරුන් විසින් මහජනතාව වෙත ලබාදෙන පත්වීම් වෙළද භාණ්ඩ බවට පත් වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතා ඊයේ ( 06 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී චෝදනා කළේය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දක්වමින් ඩී. බී. හේරත් මහතා මෙලෙස පළාත් අමාත්‍යවරුන් වෙත චෝදනා කළේය.

වයඹ පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට වගකියන තත්වයක් මේ වනවිට පවතින්නේදැයි සහ මහජන මතය පළාත් සභාව තුළ සැබැවින්ම ක‍්‍රියාත්මක වන්නේදැයි තමන්ට ප‍්‍රශ්නයක් ඇති බව මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය. වැටත් නියරත් ගොයම් කා නම් මහ ජනතාවට සිදුවන්නේ කුමක්දැයි තමන්ට තවත් ප‍්‍රශ්නයක් ඇති බවත් බවත්, වයඹ පළාත් සභාව සුදු අලියෙක් යැයි යමෙකු චෝදනා කළහොත් තමන්ට ඊට එරෙහිවීමට හැකියාවක් නැති බවද හෙතෙම පැවසීය. ඇමැතිවරුන් වෙත ලැබෙන පත්වීම් අද වන විට වෙළද භාණ්ඩ බවට පත් වී ඇති බවත්, ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සාධක ඇති බවත් කී මන්ත‍්‍රීවරයා එවැනි සිදුවීම් හරහා වයඹ පළාත් සභාවේ මහජන නියෝජිතයින්ගේ ගෞරවය පිළිබදව ගැටලු මතු වී ඇති බවද වැඩිදුරටත් පැවසීය.

මන්ත‍්‍රීවරයා වෙත ප‍්‍රතිචාර දක්වමින් අදහස් දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා , ඩී. බී. හේරත් මහතා විසින් නගන චෝදනාව ඉතාමත් බරපතල බැවින් එය නොසලකා සිටිය නොහැකි බව පැවසීය. පසුගිය සමයේදී නව පත්වීම් ලබාදුන්නේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශවලින් බැවින් අදාල අමාත්‍යංශ භාර ඇමැතිවරුන් ඊට වගකිවයුතු බවද හෙතෙම පැවැසීය. එබැවින් ඒ පිළිබදව සොයාබැලීමට කමිටුවක් පත්කරන බවත්, ඩී. බී. හේරත් මහතා විසින් ඔහු සතුව ඇති සාක්ෂි එම කමිටුව වෙත ඉදිපත් කළ යුතු බවද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය. අදාල කමිටුව විසින් තමන් වෙත ලැබෙන අදාළ වාර්තාව සියලුදෙනාගේ දැනගැනීම පිණිස සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article