Thursday, April 25, 2024

පොල්ගහවෙල සමූප ඡන්දෙට උසාවියෙන් තහනමක්.

Must read

gavel

සීමාසහිත පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර සමිතිය සදහා සභිකයින් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් නිලවරණයක් පැවැත්වීම සහ ඒ වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම දින 14 ක කාලයකට වළක්වාලමින් කුරුණෑගල දිසා විනිසුරු සමන් කාරියවසම් මහතා විසින් වයඹ පළාත් සමූපකාර කොමසාරිස්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත්කෙරුණේ පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර සමිතිය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි සාමාජිකයින් දෙදෙනෙකු විසින් කුරුණෑගල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් පෙරේදා ( 05 දා) සලකා බැලූ අවස්ථාවේදීය.

වයඹ පළාත් සමූපකාර කොමසාරිස්වරයා, සහකාර කොමසාරිස්වරයා , සමූපකාර ඡන්ද නිලධාරිවරයා සහ පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. නිසි ලෙස සම්පූර්ණ නොකළ අවිධිමත් සාමාජික නාමලේඛණ යොදාගනිමින්, වගඋත්තරකරුවන් විසින් පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර සමිතියට සභිකයින් තෝරාගැනීම සදහා නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බැවින්, නීත්‍යානුකූල නොවන එම කටයුත්ත වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම හරහා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කුරුණෑගල දිසා විනිසුරුවරයා පොල්ගහවෙල විවිධ සේවා සමූපකාර නිලවරණය පැවැත්වීම දින 14 ක කාලයකට වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර මීළග නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි වගඋත්තරකාර පාර්ශ්වයන් වෙත නියම කළේය. පෙත්සම් විභාගය ලබන 20 වැනිදා නැවත කැදවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article