Saturday, April 20, 2024

රටේ ත‍්‍රිරෝදරථ ප‍්‍රමාණය ඉහළයෑම වැළැක්වීමට රජයේ අවධානය – VIDEO

Must read

threeweel_ashok

රට තුළ ඇති ත‍්‍රිරෝදරථ ප‍්‍රමාණය ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවෙමින් ඇති බැවින් එය පාලනය කිරීම සදහා රජයේ අවධානය යොමු වී ඇති බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ත‍්‍රිරෝදරථ නියාමනය කිරීම සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස්වෙමින් ඇති බවත් ඒ පිළිබදව ත‍්‍රිරෝදරථ රියදුරු සංගම් සමග සාකච්ඡා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. දැනට රට තුළ පවතින ත‍්‍රිරෝද රථ ප‍්‍රමාණය ඉතා විශාල ලෙස වැඩිවෙමින් ඇති බැවින් එය පාලනය කිරීම සදහා යම් යම් ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව කී නියෝජ්‍ය ඇමැතිවරයා පසුගිය අයවැයෙන් ත‍්‍රිරෝද රථ මිලදීගැනීම සදහා ලීසිං පහසුකම් සැපයීම සීමාකළේද මෙම තත්වය පාලනය කිරීමට බවද පැවසීය. දැනට රට තුළ ත‍්‍රිරෝද රථ ලක්ෂ 13 ක් පමණ ඇති නමුත් මගී ප‍්‍රවාහනය සදහා එයින් යොදාගැනෙන්නේ ලක්ෂ 8 පමණ ත‍්‍රිරෝද රථ ප‍්‍රමාණයක් බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

අඵතෙන් ත‍්‍රිරෝද රථ රියදුරු බලපත් ලබාගන්නා අය සදහා පුහුණු වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් තීරණය කර ඇතැයිද, ඒ සදහා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එක්ව නව වැඩපිළිවෙලක් සකස් කර ඇතැයිද අබේසිංහ මහතා කීය. ඒ අනුව නව ත‍්‍රිරෝදරථ රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්කරන අයදුම්කරුවන් 200 දෙනා බැගින් වේරහැර පිහිටි මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට කැදවා ත‍්‍රිරෝදරථ පැදවීම සහ ඊට අදාල නීතිරීති පිළිබද එක්දින පුහුණු වැඩමුඵවක් පවත්වන බවද හෙතෙම පැවසීය. මින් ඉදිරියට නව ත‍්‍රිරෝදරථ රියදුරු බලපත් ලබාගත හැකිවන්නේ එම පුහුණු වැඩමුඵවට සහභාගිවීමෙන් පසුව ලැබෙන සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් වන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය. මේ හරහා ත‍්‍රිරෝදරථ රියදුරන්ගේ විනීත බව, මාර්ග නීති පිළිපැදීම සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. එමනේම දැනට මගී ප‍්‍රවාහනය සදහා යොදාගන්නා ත‍්‍රිරෝදරථවලට ප‍්‍රමිතියකින් යුත් මීටර් සවිකිරීමේ වැඩපිළිවෙලක්ද ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සමග එක්ව ආරම්භ කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.

අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේ වීඩියෝව පහතින්  නැරඹිය හැකිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article