Friday, March 29, 2024

රිදී විහාරය සූරිය විදුලියෙන් එළිය වෙයි.

Must read

solar_power_ridee_vihara

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඓතිහාසික රිදී විහාර භූමියේ ස්ථාපිත කළ සූර්යබල විදුලි පද්ධතිය, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් ඉකුත් පොසොන් පොහෝ දිනයේදී විවෘත කෙරිණි.

සූර්යබල විදුලිය භාවිතය ජනතාව අතර ප‍්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ලංකා විදුලිබල මණ්ඩලයේ සූර්යබල සංග‍්‍රාමය වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැයකරමින් රිදී විහාර භූමියෙහි මෙම සූර්යබල විදුලි පද්ධතිය ස්ථාපිත කර තිබේ.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, සූර්යබල විදුලිය භාවිතය ජනතාව අතර ප‍්‍රචලිත කිරීම සදහා මෙරට සි‍යලු ආගමික සිද්ධස්ථානවල සූර්යබල විදුලි පද්ධතිය බැගින් නොමිලයේ සවිකිරීමට රජය තීරණය කර ඇති බව පැවසීය.

සූර්යබල විදුලි සංග‍්‍රාමය වැඩසටහනෙහි තවත් විශේෂ අදියරක් ලෙස මෙරට ආගමික සිද්ධස්ථාන සූර්යාලෝක විදුලි බලයෙන් ආලෝක ගැන්වීමේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙන බවද ඇමැතිවරයා පැවසීය. මෙරට නිවාස දස ලක්ෂයක වහල සූර්ය විදුලි බලාගාර බවට පත්කිරීමේ අරමුණ ඇතිව මේ වනවිට වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කෙරෙමින් ඇති බවත්, මේ යටතේ රටට සහ විදුලි පාරිභෝගිකයාට සහන සැලසෙන විශේෂිත ක‍්‍රමවේද ගණනාවක් සකස් කර ඇති බවද පැවසීය. එසේ නමුත් මෙම නව ක‍්‍රමවේදය දෙස ජනතාව බලන්නේ කුතුහලයකින් යුතුව බැවින් සූර්යබල විදුලි භාවිතය ජනතාව අතර ප‍්‍රචලිත කිරීමේ ක‍්‍රමයක් ලෙස ආගමික සිද්ධස්ථානවල සූර්යබල පද්ධති නොමිලයේ සවිකිරීමට රජය තීරණය කර ඇතැයි සියඹලාපිටිය මහතා පැවසීය. ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ආගමික සිද්ධස්ථාන හරහා සූර්යබල විදුලි පද්ධති පිළිබදව ජනතාව යම් අවබෝධයක් ලබාගනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම පැවසිය.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන 25 ක සවිකෙරුණු සූර්යබල විදුලි පද්ධති පොසොන් පොහොයට සමගාමීව විවෘත කෙරෙන බව කී ඇමැතිවරයා බෞද්ධ, හින්දු, කතෝලික සහ හින්දු යන සියලු ආගම්වලට අයත් දිවයින පුරා පිහිටි සෑම සිද්ධස්ථානයකම අදියර කිහිපයක් යටතේ සූර්යබල පද්ධති නොමිලයේ සවිකිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස ඛණිජ තෙල් සහ ගල් අගුරු භාවිතයෙන් සිදුකෙරන මෙරට බලශක්ති උත්පාදනය අවම කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සූර්යබල විදුලි පද්ධතිය විවෘත කළ අයුරු සහ රිදී විහාර භාරකාර, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියන් වෙත අමාත්‍යවරයා විසින් ඊට අදාල ලිපි ලේඛණ පිලිගැන්වූ අයුරු ඡායාරූපවලින් සහ වීඩියෝවෙන් දැක්වෙයි.

solar_power_ridee_vihara_1 solar_power_ridee_vihara_2 solar_power_ridee_vihara_3 solar_power_ridee_vihara_4 solar_power_ridee_vihara_5 solar_power_ridee_vihara_6 solar_power_ridee_vihara_7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article