Thursday, April 18, 2024

රටේම වෛද්‍යවරු වැඩවරද්දී මාවතගම රෝහලේ වෛද්‍යවරු වැඩ කරති. – VEDIO

Must read

no_strike_mawatagama

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් දිවයින පුරා පිහිටි රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ යෙදී සිටියදී ඊට එක් නොවූ මාවගතම දිසා රෝහලේ වෛද්‍යවරුන් ඊයේ ( 23 දා ) දිනයේදීත් සුපුරුදු ලෙස සිය රෝගී ප‍්‍රතිකාර සේවාවන්හි යෙදුණහ.

ඒ අනුව එම රෝහලේ බාහිර ප‍්‍රතිකාර රෝගී සේවාවන් ඊයේ දිනයේදීත් සුපුරුදු ලෙස ක‍්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් මාවතගම රෝහලට පැමිණි ජනතාව කිසිදු අපහසුතාවයකින් තොරව ප‍්‍රතිකාර ලබාගත්හ.

හදිසි අනතුරු ඒකකය, විශේෂ ප‍්‍රතිකාර ඒකක සහ වාට්ටු ඇතුලු සෙසු රෝහල් සේවාවන්ද සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක විය.

මාවතගම දිසා රෝහල  පිළිබදව ඊයේ රාත්‍රි 10 සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මුල් පුවතක් ලෙස  වාර්තා කළේ මෙලෙසිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article