Thursday, April 18, 2024

කිරිදිගල්ලේ වත්තක බැද සිටි කිරි ගවයින් අට දෙනෙකු මරා මස් රැගෙන ගිහින් ! ( VIDEO)

Must read

kirindigalla_cows

ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක බැද සිටි කිරි ගවයින් අට දෙනෙකු ඊයේ (23 දා) රාත්‍රියේ පැමිණි නාදුනන කණ්ඩායමක් විසින් එම ස්ථානයේදීම මරා මස් පැහැරගෙන ගොස් තිබේ.

කිරිදිගල්ල ප්‍රදේශයේ කිරි ගොවීන් දෙදෙනෙකුට අයත් කිරි ගවයින් අට දෙනෙකු මෙලෙස ඝාතනය කර තිබේ. ඝාතනය කෙරුණු ගවයින් අතර දැනට කිරි ලබාගන්නා කිරි දෙනුන් පස් දෙනෙකුද සහ කුඩා පැටවුන්ද සිටින බව ගවයින්ගේ හිමිකරුවෝ කියති.

මෙම ගවයින් බැද සිටි පොල් වත්ත වටා ගසා තිබූ කටු කම්බි අඩුවක ආධාරයෙන් කපා දමා එහි ඇතුලු වී ඇති ජාවාරම්කරුවන් එම වත්තේ තැන් තැන්වල බැද සිටි ගවයින් එක තැනකට ගෙනැවිත් ඝාතනය කර තිබේ. මසක් පමණ වයසැති ගව පැටව් දෙදෙනෙකුද ජාවාරමුන් විසින් මෙම ස්ථානයට ගෙනැවිත් ඇති නමුත් යම් හේතුවක් මත උන් මස් කිරීම අතහැරීම හේතුවෙන් උන්ගේ දිවි බේරී තිබිණි.

ඝාතනය කෙරුණු කිරි ගවයින්ගේ අතුණුබහන් සහ පාද කොටස් ඉවත් කිරීමෙන් පසුව සිරුරු කොටස් වාහනයක පටවාගෙන යාමට ජාවාරම්කරුවන් විසින් කටයුතු කර ඇති බවට පොලිසිය සැකකරයි.

kirindigalla_cows_5

kirindigalla_cows_3

kirindigalla_cows_1

kirindigalla_cows_2

kirindigalla_cows_6

kirindigalla_cows_7

- Advertisement -spot_img

More articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article