Thursday, March 28, 2024

කුරුණෑගල අතිරික්ත හෙද හෙදියන් පුත්තලමේ රෝහල්වලට.

Must read

Nurse_nwp

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල්වල සේවයේ නියුතු අතිරික්ත හෙද හෙදියන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් වෙත අනුයුක්ත කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත අද (29 දා ) නියෝග කළේය.

අමාත්‍යවරයා මෙලෙස නියෝග කළේ පුත්තලම මුලික රෝහල ඇතුලු එම දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය පිළිබදව අද එම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.

වයඹ පළාතේ හෙද හෙදියන්ගේ විෂමතාවය පිළිබදව එහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර අලුතින් පත්වීම් ලබන හෙද හෙදියන්ගෙන් කොටසක් පුත්තලම දිස්ත්‍රික්කයට ලබාදීමට එහිදී තීරණය විය. වෛද්‍යවරු හිග රෝහල්වලට, නව වෛද්‍ය පත්වීම් ලබන වෛද්‍යවරුන් යොදවන බවටත්, කුලියාපිටිය මූලික රෝහල ආයෝජන අවස්ථා මත සංවර්ධනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

පුත්තලම මුලික රෝහලේ නේවාසිකාගාර ගැටළුව විසඳීම සඳහා වෛද්‍යවරුන් සඳහා නිවාස සංකීර්ණයක් ද, හෙද නිලධාරින් සඳහා දැනට ඉදිකෙරෙමින් පවතින නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටද මෙහිදී තීරණය කරන ලදී. පුත්තලම මූලික රෝහලේ ශල්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරිමටත්, කල්පිටිය දිසා රෝහල සංවර්ධනය කිරිම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීම සඳහා තාවකාලිකව සංවර්ධනය කරන ලද දංකොටුව රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

( රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇසුරෙනි. )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article