Thursday, March 28, 2024

හෙට,ලොවින් සමුගන්නා ධම්මික එදා මහින්ද වෙනුවෙන් හඩ නැගූ හැටි.

Must read

dammika_death_5

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, අභාවප්‍රාප්ත ධම්මික හෙට්ටිආරච්චි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (02 දා) පස්වරුවේ කොබෙයිගනේ, වලස්වැව පොදු සුසාන භුමියේදි සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මුල්පෙල නායකයෙකු වූ හෙට්ටිආරච්චි මහතා පසුගිය කාලයේදී එම පෙරමුණ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හඩ නැගු අයෙකු විය.

ඒ බව සනාථ කරමින්, තමන් සතු දේපොළ රාජසන්තක කළද ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් තරග කිරීම ස්ථිර බව ධම්මික හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ 2016 ජනවාරි 25 වැනිදා කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක්ද සහභාගි වු එම මාධ්‍ය හමුවේ අවස්ථා කිහිපයක් දැක්වෙන වයඹ ටුඩේ පුස්තකාල ඡායාරූප කිහිපයකි මේ.

dammika_death_2 dammika_death_6 dammika_death_4 dammika_death_3 dammika_death_7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article