Thursday, March 28, 2024

අධික වේගයට ප්‍රිය කළ චමිල් කවිශ්ක අධිවේගයෙන්ම අවසන් ගමන් යයි.

Must read

Chamil_Kawishka_death

යතුරු පැදියක අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවී ගසක වැදීමෙන් කුලියාපිටිය, අලලූව ප‍්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පන්නල, කඹුරුගොඩ ප‍්‍රදේශයේ පදිංචි චමිල් කවිශ්ක නැමැති වයස අවුරුදු 18 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා විසින් වංගුවක් ගැනීමට උත්සාහ කිරීමේදී යතුරු පැදියේ අධික වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ පිහිටි නිවසක සහ ගසක වැදීමෙන් ඇති බවත්, මීටර් 9 ක පමණ දුරක් විසිවී ගොස් තිබූ පොලිස් මූලික විමර්ශණවලදී හෙළි වී තිබේ. අනතුරින් බරපතල තුවාල ලබා සිටි චමිල් කවිශ්ක තරුණයා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙතද මාරුකර යවා තිබූ නමුත් එහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ. අනතුරට පත් යතුරුපැදියේ අධික වේගය හේතුවෙන් එම යතුරුපැදියද අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 20ක් පමණ විසිවී ගොස් තිබූ බවද පොලිසිය කියයි.

මියගිය තරුණයා හොනට් වර්ගයේ යතුරුපැදියකින් ප්‍රධාන මාර්ගවල සැරිසරමින් විවිධ ක‍්‍රියාකාරකම් ප්‍රදර්ශණය කිරීම විනෝදාංශයක් බවට පත්කරගෙන සිටි අයෙකු ලෙස ප‍්‍රසිද්ධියක් ලැබූ අයෙකු බව පොලිසිය කියයි. මීට දින කිහිපයකට පෙර පන්නල පොලිසිය මගින් රථවාහන පරීක්‍ෂාවක් සදහා නැවැත්වීමට සංඥා කිරීමේදී අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මියගිය තරුණයා සහ ඔහුගේ හොනට් වර්ගයේ යතුරුපැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල යතුරු පැදිය මේ වන විටත් පන්නල පොලිසිය භාරයේ ඇති බවද කුලියාපිටිය පොලිසිය කියයි.

ලාබාල වයස්වල පසුවන තරුණයින් අතට මෙවැනි යතුරුපැදි ලබාදෙන මව්පියන්ද විශාල වරදක් කරන බව මෙම අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන කුලියාපිටිය පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්‍ෂක නලීන් මහීපාල මහතා පැවැසීය. ඇතැම් මව්පියන් පාසැල් යන්නට පවා දරුවන්ට යතුරු පැදි ලබා දී ඇති බවත්, එය දකින අනෙකුත් දරුවන්ද තම මව්පියන්ට ඇවිටිලි කොට පාසැල් යාමට යතුරුපැදි මිලදීගැනීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය. ලාබාල තරුණ පිරිස් අතට පත්වන එවැනි යතුරුපැදිවලින් රේස්යාම වැනි අත්හදාබැලීම් සහ මාර්ග නීතිරීති උල්ලංඝණය වන ක‍්‍රියාකාරකම් සිදුකොට අනතුරු සහ අකල් මරණවලට ගොදුරුවන බවද හෙතෙම පැවැසීය. පසුගිය දින කිහිපයේදී සිදු වූ යතුරුපැදි අනතුරු පිළිබදව විග්‍රහ කර බැලීමේදී ඉන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 20 වඩා අඩු පිරිස් අතින් සිදුවී තිබීම කණගාටුදායක තත්වයක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

මියගිය කවිශ්ක කවිශ්ක සිය යතුරු පැදිය සමග

Chamil_Kawishka_death_2 Chamil_Kawishka_death_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article