Tuesday, April 23, 2024

කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුට සහ නීතිඥවරියකට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

Must read

CID_case

වංචාකාරී ලෙස සැකැසූ ඔප්පුවක් මගින් තමන් පදිංචි නිවස සහ ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යන බව පවසමින් කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රිවරයෙකුට සහ නීතිඥවරියකට එරෙහිව වැහැර ප්‍රදේශයේ පදිංචි පවුලක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමන් පදිංචි ඉඩම ඇපයක් ලෙස තබා අදාල මන්ත්‍රිවරයාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ පහළොවක ණය මුදලක් ලබා ගත් බවත්, ඊට අදාල ඔප්පුව පිළිබද කටයුතු කිරීමේදී උකස්කරයක් සදහා යැයි පවසමින් විකුණුම්කරයක් සදහා තම අස්සන් ව්‍යාජ ලෙස ලබාගෙන ඇති බවත්, තමන් ලබාගත් රුපියල් ලක්ෂ පහළොවක මුදල වෙනුවට රුපියල් ලක්ෂ පනස් පහක මුදලක් ලබාගත් බවට ව්‍යාජ වගන්තියක් ඇතුලත් කිරීමෙන් පසුව ඔප්පුව ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇතැයිද එම පැමිණිල්ලේ දැක්වෙයි.

එබැවින් හිටපු නාගරික මන්ත්‍රිවරයා සහ අදාල නීතිඥවරිය එක්ව තමන් සතු දේපල බලහත්කාරයෙන් අත්පත්කරගැනීමට යන බැවින් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසට එම පවුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article