Thursday, April 25, 2024

වගා හානි වන්දි ඉල්ලා කුරුණෑගල ගොවීහු වීදි බසිති ( VIDEO )

Must read

govi_protest

රජය විසින් ගෙවීමට පොරොන්දු වී ඇති වගා හානි වන්දි මුදල් කඩිනමින් ගෙවන ලෙසට බලකරමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොවීහු පිරිසක් අද ( 12 දා ) කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතා පා ගමනක සහ උද්ඝෝෂණයක යෙදුණහ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විවිධ ප‍්‍රදේශවලදී ගොවිතැන්වල නිරතවන බව කියන ගොවීහු හාරසියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ. කුරුණෑගල මධ්‍යම වෙළදපොල අසලින් විරෝධතාවය ආරම්භ කළ මෙම පිරිස, විරෝධතා වැකි ලියූ පුවරු ප‍්‍රදර්ශණය කරමින් නගරය වටා පා ගමනක යෙදීමෙන් අනතුරුව කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටට පැමිණියහ. එහිදී උද්ඝෝෂකයින් පිරිස බස් නැවතුම්පොල පිටවීම් මාර්ගය සහ ඒ ඉදිරිපිටින් දිවෙන මීගමු පාර අවහිර වන අයුරින් විරෝධතාවයේ යෙදීම හේතුවෙන් එම ස්ථානයේ තරමක වාහන තදබදයක්ද ඇති විය.

කැබ් රථයක් යොදාගනිමින් එම ස්ථානයේ සකස් කර ගත් තාවකාලික වේදිකාවක් මතට නැගුණු සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රැස්ව සිටි පිරිස ඇමැතීය. රුපියල් දස දහස බැගින් මාස හතරක් කාලයක් පුරා වගා හානි වන්දි ගෙවීමට ආණ්ඩුව ගොවීන් වෙත පොරොන්දු වී ඇති බවත්, අපේ‍්‍රල් මාසයේදී පමණක් රුපියල් දස දහසක මුදලක් ගෙවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවැසීය. එලෙස ගෙවනු ලැබූ මුදලින්ද රුපියල් 1350 ක් රක්ෂණ ගාස්තු ලෙස කපා දමා ඇති බවත්, අපේ‍්‍රල් මාසයේදීත් කිසිදු වන්දි මුදලක් නොලැබුණු විශාල ගොවීන් පිරිසක් සිටින බවත් හෙතෙම පැවැසීය. අපේ‍්‍රල් මාසයෙන් පසු මේ දක්වා කිසිදු වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කර නොමැති බැවින් රුපියල් තිස් දහසක හිග මුදලක් රජය විසින් ගොවීන් වෙත ගෙවීමට ඇති බවද කරුණාරත්න මහතා පැවැසීය. ගොවීන් වෙත පොරොන්දු වූ වගා හානි මුදල ගෙවීම ආණ්ඩුව විසින් තවදුරටත් පැහැර හරින්නේ නම් දිවයින පුරා විසිරී සිටින ගොවීහු ලබන 26 වැනිදා කොළඹට කැදවා කොළඹ වටලන බවත්, එසේ නොවීමට නම් පොරොන්දු වූ වගා හානි මුදල ගොවීන්ගේ ගිණුම්වලට බැරකිරීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවට දැනුම්දෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. පැයකට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවයේ යෙදුණු පිරිස සාමකාමීව විසිරී ගියහ.

එම විරෝධතාවයේ ඡායාරූප සහ විඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

govi_protest_1

govi_protest_2

govi_protest_3

govi_protest_4

govi_protest_5

govi_protest_6

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article