Thursday, April 25, 2024

මාධ්‍යවේදී පුෂ්පකුමාර ලියූ ‘‘ සුන්දර සියම් දේශයේ දින 30 ක් ’’ සෙනසුරාදා එළි දකී.

Must read

Pushpakumara_book

ලංකාදීප පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා විසින් සිය තායිලන්ත සංචාර අත්දැකීම් ඇසුරින් ලියූ ‘‘ සුන්දර සියම් දේශයේ දින 30 ක් ’’ නැමැති කෘතිය දොරට වැඩුම ලබන සෙනසුරාදා  ( 15 දා ) පස්වරුවේ කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී සිදුකෙරේ.

අවස්ථා කිහිපයකදී තායිලන්තයේ සංචාරය කර ඇති පුෂ්පකුමාර මහතා එහිදී ලැබූ අත්දැකීම් ඇසුරින් ලියා ඇති මෙම කෘතියට තායිලන්තයේ ඇති බෞද්ධ සිද්ධස්ථාන, දර්ශණීය ස්ථාන සහ විනෝදාත්මක අංගයන් පිළිබද සියලු විස්තර ඇතුළත් කර තිබේ. එම ස්ථානයන්හි ඡායාරූප සහ මාර්ග සිතියම්ද සහිත මෙම කෘතිය තායිලන්ත සංචාරයක යෙදෙන්නෙකුට මාර්ගෝපදේශ අත් පොතක් ලෙස භාවිතාකළ හැකි අයුරින් සකස් වී තිබීමද විශේෂත්වයකි. අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය අකිල විරාජ්, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන දොරට වැඞීමේ උත්සවයේ ප‍්‍රධාන දෙසුම ඉරිදා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබේ.

Pushpakumara_Cover

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article