Friday, March 29, 2024

‘‘ සුන්දර සියම් දේශයේ දින 30 ක් ’’ ජනගත කෙරේ.

Must read

pushpakumara_bookමාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා විසින් රචිත ‘‘ සුන්දර සියම් දේශයේ දින 30 ක් ’’  කෘතිය ඊයේ ( 15 දා ) පස්වරුවේ ජනගත කෙරිණි.

කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැති දොරට වැඩීමේ උත්සවය සදහා භික්ෂූන් වහන්සේ, දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් සහ ව්‍යාපාරිකයින් ඇතුලු සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගි වී සිටියහ.

අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය අකිල විරාජ්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සහ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා පුෂ්පකුමාර ජයරත්න මහතා සමග එක්ව කටයුතු කරන මාධ්‍යවේදීන්, හිතමිතුරන්, ව්‍යාපාරිකයින් සහ මැති ඇමැතිවරුන් පිරිසක්ද සහභාගි වී සිටියහ. උත්සවයේ ප‍්‍රධාන දෙසුම ඉරිදා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් පවත්වනු ලැබූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දි සුනිල් පොරමඩලයන් විසින් උත්සව සභාව මෙහෙයවනු ලැබීය.

මාධ්‍යවේදියෙකු ලෙස පුෂ්පකුමාර මහතා සිදුකළ සේවය අගයමින් කුරුණෑගල පුවත්පත් අලෙවි නියෝජිත සුරේෂ් පතිරණ මහතා විසින් සමරු තිළිණයක්ද ප්‍රදානය කෙරුණු අතර එය උත්සවයේ ආරාධිත මැති ඇමැතිවරුන්ගේ අතින් පුෂ්පකුමාර මහතා වෙත පිළිගැන්විණි. මෙම මාසයට යෙදී ඇති පුෂ්පකුමාර ජයරත්න මහතාගේ සහ ගීතාංජලී ප්‍රියදර්ශනී මහත්මියගේ 25 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ කේක් ගෙඩියක්ද උත්සවය අතරවාරයේ කපනු ලැබීම විශේෂත්වයත් විය.

පුෂ්පකුමාර ජයරත්න මහතා විසින් උත්සවයට පැමිණි අමුත්තන් පිළිගනිමින්

pushpakumara_1 pushpakumara_2

පූජ්‍ය අටමුණේ ආනන්ද නාහිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිට වූ අයුරු

pushpakumara_4 pushpakumara_3

ආරාධිතයින් විසින් පොල්තෙල් පහන් සිලු දල්වමින්

pushpakumara_7 pushpakumara_8 pushpakumara_9 pushpakumara_10

උත්සවයට සහභාගි වී සිටි පිරිස

pushpakumara_5 pushpakumara_6 pushpakumara_11 pushpakumara_13

පුෂ්පකුමාර ජයරත්න මහතා පිළිගැනීමේ කතාව පැවැත් වූ අයුරු

pushpakumara_12

අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය අකිල විරාජ් මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_14

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_16

වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_15

 නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_17

වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_18

ඉරිදා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_19

වයඹ පළාත් සභා මන්ත්‍රී මංජුල බණ්ඩාර මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_21

වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_22

වයඹ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර මෙනවිය වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_23

තායිලන්තයේ මානෙල් ලංකා හෝටලයේ අධිපති යුවළ වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_20

සවාරි ට්‍රැවල්ස් අධිපති නාලක කරුණාකලගේ මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_24

පුෂ්පකුමාර ජයරත්න මහතා සිය මෑණියන් වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_25

පුෂ්පකුමාර ජයරත්න මහතා සිය නැන්දණිය වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_26

හිටපු නාගරික මන්ත්‍රී ත්‍යාගරාජා ක්‍රිෂ්ණපාල මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_27

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රනිල් සංජය මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_28

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මංගල වික්‍රමනායක මහතා වෙත 

pushpakumara_29

මාවතගම හිටපු විපක්ෂ නායක මොහොමඩ් රිෆාල් මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_30

හිටපු නාගරික මන්ත්‍රී තුෂාර සංජීව මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_32

හිටපු නාගරික මන්ත්‍රී අබ්දුල් සත්තාර් මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_31

හිටපු නාගරික මන්ත්‍රී බුද්ධික ඇල්ලේපාල මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_35

සමූපකාර රෝහලේ සභාපති ජයපත්ම වන්නිනායක මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_33

අස්ලිය සමූහ ව්‍යාපරයේ සභාපති ඩයස් රත්නායක මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_34

අලව්ව දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වන්නිආරච්චි මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_36

 සුදිල  ප්‍රින්ටර්ස් අධිපති උපේන්ද්‍ර බණ්ඩාර මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_37

 අයි මැක්ස් ප්‍රින්ටර්ස් රිස්වාන් හනීෆා මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_38

ඇතුගල්පුර ජනමාධ්‍ය සංගමයේ සභාපති සරත් යටවර මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_39

වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ජානක බලල්ල මහතා වෙත පොත පිළිගැන්වූ අයුරු

pushpakumara_40

පුෂ්පකුමාර මහතාගේ සේවය අගයමින් සමරු තිළිණයක්

pushpakumara_41

ඉරිදා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා ප්‍රධාන දේශණය පවත්වමින්

pushpakumara_42

පුෂ්පකුමාර ජයරත්න යුවළ  25 වැනි විවාහ සංවත්සරය සමරමින්

pushpakumara_43 pushpakumara_44 pushpakumara_45 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article