Thursday, April 18, 2024

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රැට්‍රික් කරුණාසිංහට දස වසරක සිර දඩුවමක් ! ( VEDIO )

Must read

patric_case

ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරැදිකරුවන් වූ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් අද  (17 දා ) දස වසරක සිර දඩුවම් නියම කළාය.

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රැටික් කරුණාසිංහ සහ ඔහුගේ සොයුරු ප‍්‍රියන්ත කරුණාසිංහ යන අයවලුන්ටය.

1999 දෙසැම්බර් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මාවතගම මැතිවරණ කොට්ඨාශයට අයත් මතව, කොහිලේගෙදර ප‍්‍රදේශයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට සිදුකළ වෙඩි තබා, එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. විත්තිකාර කරුණාසිංහ සහෝදරයින් දෙපළට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම ඇතුලූ චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර එම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙකු යටතේ දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය. වසර 17 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගය අවසන් කරමින් එහි තීන්දුව අද ප‍්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය, විත්තිකරුවන් එරෙහිව නගා ඇති සියලුචෝදනාවන්ට ඔවුන් වැරැදිකරුවන් බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ප‍්‍රකාශ කරමින් ඔවුන් වෙත දඩුවම් නියම කළාය.

සිර දඩුවම්වලට අමතරව විත්තිකරුවන් වෙත නගා ඇති චෝදනා හය වෙනුවෙන්, එක් චෝදනාවකට රුපියල් දස දහස බැගින් එක් අයෙකුට රුපියල් හැට දහස බැගින් දඩ මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් මාස දහ අටක අමතර සිර දඩුවමක්ද මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය. රජයේ නීතිඥ ලහිරු ජයමාන්න මහතා විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර මෙම නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියේය.

ඉකුත් ජූනි මස 13 වැනිදා මෙම නඩුවට අදාල සාක්ෂි විභාගය අවසන් කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊට අදාල තීන්දුව ප‍්‍රකාශය පත්කිරීම සදහා අද දිනට දින නියම කරමින්, තීන්දුව පත්කෙරෙන තෙක් එහි විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර කරන ලෙසට එදින නියෝග කළාය.

ඒ අනුව මාසයක වැඩි කාලයක් තිස්සේ රක්ෂිතබන්ධනාගාරගත කර සිටි ප‍්‍රැටික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සහෝදරයා බන්ධනාගාර නිලධාරිහු විසින් අද උදෑසන කුරුණෑගල මහාධිකරණය වෙත ඉදිරිපත් කළහ. දඩුවම් නියම කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට රැගෙනයාම සදහා බන්ධනාගාර නිලධාරින් විසින් ප‍්‍රැටික් කරුණාසිංහ මහතා අධිකරණයෙන් ඉවතට රැගෙන ආ අවස්ථාවේදී එතැනට රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අත වනමින් සිනා මුහුණින් යුතුව හෙතෙම බස් රථයට ගොඩවිය.

අදාල අවස්ථාව සහිත වීඩියෝව සහ ඡායාරූප පහලින් දැක්වෙයි.

ප‍්‍රැටික් කරුණාසිංහ මහතා කුරුණෑගල මහාධිකරණයට ගෙනා අවස්ථාව

patric_case_2 patric_case_3 patric_case_4

දඩුවම් නියම කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට යාම සදහා බස් රථයට ගොඩවෙමින්

patric_case_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article