Thursday, April 25, 2024

නියගයෙන් දහදුක් විදින ගල්ගමුවේ මිනිස්සුන්ට ගෙදරටම ගෙනත් දෙන වතුර ටිකත් MOH තහනම් කරලා.

Must read

galgamuwa_water_ mohan

පවතින දැඩි නියං තත්වය හමුවේ පානීය ජලය සපයාගැනීම පිළිබද දැඩි අර්බුදයකට ජනතාව මුහුණ දී සිටියදී, ජලය පිරිසිදු කර නිවෙස් වෙත සැපයීමේ ව්‍යාපාරවල යෙදී සිටින අයට එලෙස නිවාස වෙත ජලය බෙදාහැරීම තහනමක් කිරීමට ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කටයුතු කර ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී මොහාන් පෙරේරා මහතා පසුගියදා  18 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මෙන්ම පසුගිය 17 වැනිදා පැවැති කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීත් චෝදනා කළේය.

එහිදී අදහස් දැක් වූ මොහාන් පෙරේරා මහතා පවතින නියං තත්වය හමුවේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු ගණනාවක් පිළිබදව අනාවරණය කළේය. ගල්ගමුවේ ජනතාව පානීය ජලය සපයාගැනීම පිළිබද ගැටලුවක පසුවෙද්දී ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග එක් වී ඔවුන්ගේ තනතුරුවලට නොගැලපෙන සහ අන්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවටද මන්ත‍්‍රීවරයා මෙහිදී චෝදනා කළේය. සියලු ළිං සහ වැව්වල ජලය සිදී ගොස් ඇති වකවානුවක, පිරිසිදු ජලය නිවෙස්වලට සැපයීමේ ව්‍යාපාරවල යෙදී සිටින අයට එලෙස නිවාස වෙත ජලය බෙදාහැරීම තහනම් කිරීමට ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මේ වනවිට කටයුතු කර ඇති බවද පැවැසීය. තමන් මේ පිළිබදව ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව ගල්ගමුවට පැමිණි පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඒ පිළිබදව විමසා බලා ඇති නමුත් එම පරීක්ෂණ කණ්ඩායම විසින් තොරතුරු ලබාගෙන ඇත්තේ චෝදනාවට ලක්වන ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්ම වීම කණගාටුවට කරුණක් බවද හෙතෙම පැවැසීය. ගල්ගමුව ප‍්‍රාදේශිය සභාව පිළිබදවත් තමන් ඒ අයුරින්ම කණගාටුවන බව කී මොහාන් පෙරේරා මහතා ගල්ගමුව ප‍්‍රාදේශීය සභාව විසින්ද ජලය පිරිසිදු කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවද පැවැසීය. ජලය පිරිසිදු කර නිවෙස්වලට සැපයීමේ යෙදී සිටින ව්‍යාපාරිකයින් වෙත මෙවැනි තහනමක් පැනවීමට හේතු වී ඇත්තේ ගල්ගමුව ප‍්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යන මෙම ජල පිරිසිදු කිරීමේ ව්‍යාපාරයත් සමග හටගත් ඊර්ෂ්‍යාව හේතුවෙන් බවද හෙතෙම පැවැසීය.

ගල්ගමුවේ ඇතැම් රාජ්‍ය නිලධාරින් ගල්ගමුව නගරය තුළ, ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින් සමග හිතවත්කම් ඇති කරගෙන සිටින බවත්, එවැනි ව්‍යාපාරවලින් එම නිලධාරින්ට අල්ලස් පමණක් නොව ඒවායේ කොටස් හිමිකම් පවා ලැබී ඇති බවත් හෙතෙම පැවැසීය. තම නිවසටම පැමිණෙන සැපයුම්කරුවන්ගෙන් පහසු මිලකට පිරිසිදු ජලය ලබාගැනීමට හැකියාව තිබියදී, දුරබැහැර වෙසෙන කිසිම ගැමියෙකු ජලය ලබාගැනීමට නගරයට නොපැමිණීම නිසා රජයේ නිලධාරින් මෙවැනි තහනමක් පනවා ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. කිසිදු සාධාරණ හේතුවකික් තොරව පනවා ඇති මෙම තහනම නිසා දුරබැහැර ගම්වල වෙසෙන ගැමියන්ට ජලය ලබාගැනීමට කිලෝ මීටර් හත අටක දුරක් ගෙවාගෙන නගරයට පැමිණීමට සිදු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

පවතින දැඩි නියං තත්වය හමුවේ රජය මගින් බවුසර් යොදවා සපයන පානීය ජලය ලබාගන්නා ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ පිහිටි නිවාසවලින්ද ඇතැම් දේශපාලන හෙංචයියන් රුපියල් දෙසිය බැගින් එකතු කිරීමේ ජාවාරමක යෙදී සිටින බවද, රජය විසින් සපයන ජල බවුසරයක් රුපියල් 1500 බැගින් විකිණීමට ඒවායේ රියදුරන් විසින් කටයුතු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මොහාන් පෙරේරා මහතා කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දැක් වූ අයුරු

galgamuwa_water_ mohan_1

galgamuwa_water_ mohan_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article