Tuesday, April 23, 2024

හිටපු මන්ත්‍රී, පොලිස් කොස්තාපල් ඇතුලු තිදෙනෙකු ළිදකට වැටී මරුදකිති.

Must read

aturuwala_death

දඔදෙණිය, අතුරුවල ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ (26 දා) පැවති මංගල සාදයක් අතරතුරදී ඊට සහභාගි වී සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු එම උත්සව ශාලාවට යාබදව පිහිටි ළිදකට ඇද වැටී මිය ගොස් ඇත.

ඊයේ රාත්‍රි 11ට පමණ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ඩී. එල් . අජන්තලාල්, පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් මහින්ද කරුණාරත්න සහ ඒ. එම් නීල් ප්‍රසාද් අධිකාරි යන අයවලුන්ය. අදාල මංගල උත්සවයේ විදුලි සැරසිලි කටයුතු සිදුකළ මහින්ද කරුණාරත්න මහතා උත්සව ශාලාව පිටුපස පිහිටි මෙම ළිදකට ඇද වැටී ඇති අතර ඔහුගේ බේරාගැනීමට ළිදට බැසීමේදී තිදෙනාම ළිද තුළදී මියගොස් ඇති බව පොලිසිය කියයි. පොළව මට්ටමට පමණක් බැද ඇති මෙම ළිද ලෑලිවලින් ආවරණය කර ඇති අතර ළිදට වැටුණු මහින්ද මහතා තමන් බේරාගන්නා ලෙසට ලබා දුන් දුරකථන ඇමැතුමකට අනුව නීල් ප්‍රසන්න සහ අජන්ත ලාල් ඇතුලු විවාහ මංගල්‍යයට සහභාගි වී සිටි පිරිස ළිද ළගට පැමිණි බව වාර්තා වෙයි.

මේ පිළිබදව අදහස් දැක් වූ උත්සවශාලා හිමියා මෙලස පැවසීය.

‘‘ ඔය සිද්ධිය වෙන වෙලාවේ මම හෝටලයෙන් එළියට ගිහින් හිටියේ. රෑ 11 විතර හෝටලයේ කලබලයක් කියලා මට කෝල් එකක් ආවා. මම ඉක්මනින් ඇවිත් බලනකොට ළිද ළග සෑහෙන පිරිසක් වට වෙලා හිටියා. මම ඒ ගැන හොයලා බැලුවාම මහින්ද ළිදට වැටිලා කියලා දැනගත්තා. මහින්ද ජිවත්වෙන්නේ හෝටලයට අල්ලපු වැටේ . උත්සව අවස්ථාවලදී හෝටලයට බල්බ්වැල් දාලා අලංකාර කිරීමේ කටයුතු භාර දිලා තියෙන්නේ මහින්දටයි. මහින්ද ඊයේත් ඒ වැඩ ටික කරලා තිබුණා. මහින්දට ගොඩට එන්න කියලා අපි කඹයක් ළිදට දැම්මා . මහින්ද ඒ කඹේ දිගේ බාගයක් උඩට මගක් ආවා. එතකොටම එතැනි හිටපු නීල් අපි එපා කියලා කෑගහද්දී ඒ කඹේ දිගේම ළිදට බහින්න ගත්තා. එහෙම ටික දුරක් බහිද්දි මහින්දයි, නීලුයි දෙන්නාම ළිදට ඇදගෙන වැටුනා. ඒ දෙන්නා උඩට ගන්න කියලා අජන්තලාලුත් ළිදට බැස්සා. එයත් ළිද ඇතුලට වැටුණා. තවත් දෙදෙනෙක් ළිදට යට ඉන්න බැහැ බැහැලා ඉක්මනින් ගොඩට ආවා. හුස්ම ටිකක් ගන්නවත් බැරි තරමට ළිද වටේ සෙනග පිරිලා හිටියා. පොලීසියට කතා කරලා යන්ත්‍රයක ගෙන්නගෙන තමයි ළිදේ හිටපු තුන්දෙනා ගොඩට ගත්තේ. දඹදෙණිය රෝහලට ගේනකොටත් ඒ අය මැරිලා හිටියා. “යැයි පැවැසීය.

මිය ගිය තිදෙනාගේ මෘත ශරීර දඹදෙණිය දිසා රොහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහින්ද කරුණාරත්න මහතා

aturuwala_death_6

අජන්ත ලාල් මහතා

aturuwala_death_5
නීල් ප්‍රසන්න මහතා

aturuwala_death_7

අදාළ ළිද අසළ පොලිස් පරීක්ෂණ සිදුකරමින්

aturuwala_death_2 aturuwala_death_3 aturuwala_death_4

මෘත දේහ මෘත ශරීරාගාරයේ තැන්පත්ව කර තිබූ අයුරු

aturuwala_death_1

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර / දඹදෙණිය රෝහිත ශ්‍රී හේමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article