Thursday, April 25, 2024

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව වයඹ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු විරෝධයක ! (VIDEO)

Must read

nwp_2017_8_1

හම්බන්තොට ආයෝජන කලාපය චීන සමාගමකට බදු දීමට සහ වත්මන් රජයේ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් සභාව තුළ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයක යෙදීම හේතුවෙන් අද (01 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී අද පැවැති වයඹ පළාත් සභා රැස්වීම සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ අත්වල කළුපටි බැඳගෙන සහභාගි වී සිටිනු දැකගත හැකිවිය. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී අදහස් දැක් වු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතා හම්බන්තොට වරාය ගිවිසුම සහ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කරමින් අදහස් දැක් වූ අතර සිය අදහස් දැක්වීම අවසානයේදී විරෝධතා පුවරුවක්ද ඔසවා සභාවට ප‍්‍රදර්ශණය කළේය. එම අවස්ථාවේදී සිය අසුන්වලින් නැගී සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ද ඔවුන් අත තිබූ විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධය පළකරන්නට වූහ. ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ මන්ත‍්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වූ අතර එහිදී සභා ගර්භය තුළ ඇති වූ කෑ කෝ ගැසීම්, බැණවැදීම් සහ වාද විවාද හේතුවෙන් සභා රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත්විය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙලෙස විරෝධයේ යෙදෙද්දී වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලු ඇමැති මණ්ඩල සාමාජිකයින් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු එම විරෝධයකට එක් නොවී ඔවුන්ගේ අසුන්වල සිට එදෙස බලා සිටින අයුරු දැකගත හැකි විය.

අදාල අවස්ථාවේ වීඩියෝ දර්ශණ පහත  දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article