Friday, March 29, 2024

කෝච්චියට ගල් ගසන්නෝ, කුරුණෑගලටත් බෝවෙලා ! (VIDEO)

Must read

train_attack_2

උතුරු දුම්රිය මාර්ගයේ ඔස්සේ ධාවනය වෙමින් තිබූ දුම්රියකට, හිරියාල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පාලමක් මතදී එල්ල වූ ගල් ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක් පසුගියදා (02 දා) පස්වරුවේ වැල්ලව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.

තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති දුම්රියකට පෙරේදා පස්වරු 1.45 ට පමණ එල්ල වූ බව කියන මෙම ගල් ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වැල්ලව ප‍්‍රදේශයේ පදිංචි කේ. එම්. ශාලිකා දිල්රුක්ෂි නැමැති කාන්තාවකි. කොළඹ පුද්ගලික රෝහලක හෙදියක ලෙස සේවය කරන දිල්රුක්ෂි මහත්මිය තඹුත්තේගම පිහිටි සිය සැමියාගේ නිවසේ සිට සේවා ස්ථානය වෙත යාම සදහා පෙරේදා දහවල් තඹුත්තේගම දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩ වී තිබේ.

දුම්රියේදී තමන්ට මුහුණදීමට සිදු වූ අත්දැකීම පිළිබදව වයඹ ටුඩේ වෙත විස්තර කළ දිල්රුක්ෂි මහත්මිය මෙසේ කීවාය.

‘‘ මම ජනේලේ අයිනෙම තියෙන සීට් එකක තමයි වාඩිවෙලා හිටියේ. කෝච්චිය නාගොල්ලාගම ස්ටේෂන් එකයි, හිරියාල ස්ටේෂන් එක අතරේ තියෙන පාලමක් පහුකරනවාත් එක්කම පාලම යට හිටපු පිරිසක් කෝච්චියට ගල් ගහන්න පටන් ගත්තා. කෝච්චියට ගහපු ගලක් මගේ නළලේ වැදිලා ඔලූව පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. කෝච්චියේ වෙළදාම් කරපු අය ළග තිබුණු අයිස් තියලා තමයි ලේ ගැලීම නවත්ත ගත්තේ. ඒ වෙලාවේ මම හිටපු පෙට්ටියේ හු`ග දෙනෙක් හිටියා. පොඩි බබාලා දෙතුන් දෙනෙකුත් මම වාඩිවෙලා හිටපු තැනට එහායින් වාඩිවෙලා හිටියා. ඒ බබාලටත් ගල් නොවැදී බේරුණේ අනූ නවයෙන්. මට වැදුණු ගල් පාරවල් වලින් මගේ ඔලූවේ ගැඹුරු තුවාල දෙකක් හැදිලා තියෙනවා.’’

ගල් වැදීමෙන් තුවාල ලැබූ දිල්රුක්ෂි මහත්මිය වැල්ලව රෝහලෙන් ඊට ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසුව වැල්ලව පොලිසියටද ඒ පිළිබදව පැමිණිල්ලක් කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article