Friday, March 29, 2024

කුඹුක්වැවටත් අලි පැනලා ! ( VIDEO )

Must read

kumbukwewa_elephants

ඉබ්බාගමුව , කුඹුක්වැව ප‍්‍රදේශයට ඊයේ ( 11 දා) රාත‍්‍රියේදී කඩාවැදුණු වල් අලි පස්දෙනෙකු පළවාහැරීම සදහා වනජීවි නිලධාරින් පිරිසක් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම වල් අලින් කහල්ල, පල්ලෙකැලේ රක්‍ෂිතයේ සිට ජලය සොයාගෙන තම ගම් ප්‍රදේශයට පැමිණෙන්නට ඇති බව කුඹුක්වැව ප‍්‍රදේශවාසීහු කියති. ප‍්‍රදේශවාසීන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුව එහි පැමිණි වනජීවී නිලධාරීහු දිවා කාලයේ ප්‍රදේශයේ රැකවල්ලා සිටීමෙන් පසුව පස්වරුවේ අලි පළවාහැරීමේ මෙහෙයුම ආරම්භ කළහ.

අද දහවල් කුඹුක්වැව ප්‍රදේශයේ රැදී සිටි වල් අලින්ගේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

දර්ශණ අනුග්‍රහය –  මාධ්‍යවේදී  සුනිල් එස් පැල්ලන්දෙණිය


(මෙම ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති වල් අලින්ගේ ඡායාරූපය කුඹුක්වැව ප්‍රදේශයට කඩා වැදී සිටි වල් අලින්ගේ සැබෑ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article