Thursday, April 25, 2024

දිවි ගමන නිම කළ වයඹ තෙවැනි මහ ඇමැතිගේ වතගොත බිදක්.

Must read

nimal _bandara

වයඹ පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයෙකු වූ ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාර මහතා අද  (15 දා) අඵයම අභාවප‍්‍රාප්ත විය.

වයඹ පළාත් සභාවේ තෙවැනි ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිමල් බණ්ඩාර මහතා පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ පළාත් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ ප‍්‍රාදේශීය කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී 1989 වසරේ පැවැති පළමු වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරගකර පළාත් සභාවට තේරී පත් වූ හෙතෙම පසුව එම පළාත් සභාවේ සමූපකාර සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. ඉන් අනතුරුව 1993 වසරේදී පැවැති පළාත් සභා මැතිවරණයට තරග කර වයඹ පළාත් සභාවට තේරී පත් වූ නිමල් බණ්ඩාර මහතා, එම පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජී. එම්. පේ‍්‍රමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමග වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරයට පත්විය. ඒ අනුව නිමල් බණ්ඩාර මහතා විසින් 1994 අගෝස්තු මස 30 වැනිදා සිට 1998 නොවැම්බර් 10 වැනිදා දක්වා වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරය හොබවනු ලැබීය.

පසුව දේශපාලනයෙන් සමුගත් නිමල් බණ්ඩාර මහතා වසර 16 කට වැඩි කාලයක් තිස්සේ රෝගී තත්වයෙන් ඔහුගේ නිවසේ වාසය කළේය. දෙදරු පියෙකු වූ නිමල් බණ්ඩාර මහතා මියයන විට 67 වැනි වියෙහි පසුවිය. හෙතෙම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වෙයි. කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. බී. රත්නායක මහතාගේ පුත‍්‍රයෙකු වන නිමල් බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චූල බණ්ඩාර මහතාගේ සොහොයුරාද වෙයි.

නිමල් බණ්ඩාර මහතාගේ දේහය කුරුණෑගල, වැව රවුමේ පිහිටි ඒ මහතාගේ නිවසෙහි තැන්පත් කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article