Friday, April 19, 2024

අරක්කු ආරවුලක ගුටි ඇණුමකින් අයෙක් මරුට. තව දෙදෙනෙක් රෝහලේ !

Must read

uyangalla_death

වැල්ලව පොලිස් වසමට අයත් නිකදඵපොත, උයන්ගල්ල ප‍්‍රදේශයේදී මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර පෙරේදා (14 දා) රාත‍්‍රියේදී ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැල්ලව පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ නිකදඵපොත, උයන්ගල්ලේ පදිංචි බී. සරත් කීර්තිසිරි නැමැති 58 හැවිරිදි තිදරු පියෙකි. මෙම ගැටුමේදී තුවාල ලැබූ බව කියන මියගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකුද හිරිපිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ. හිරිපිටිය දිසා රෝහලට ඇතුලත් කෙරුණු තවත් අයෙකුගේ තත්වය බරපතලවීම හේතුවෙන් ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලටත්, එතැනින් කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා තිබේ.

මෙම ආරවුලට සම්බන්ධ පුද්ගලයින් සියලුදෙනා ගඩොල් කැපීමේ කර්මාන්තයේ යෙදෙන්නවුන් බවත්, මොවුන් සිය රැකියාව අවසන් කිරීමෙන් පසුව එකතු වී මත්පැන් පානය කිරීමට දෛනික පුරුද්දක් බවට පත්කරගෙන සිටින පිරිසක් බවත් පොලිසිය කියයි. සිද්ධිය වූ දිනයේදීත් ගැටුමට සම්බන්ධ සියලුදෙනා එක් වී මත්පැන් පානය කර ඇති බවත්, එම අවස්ථාවේදී ඇති වූ කතාබහක් දුරදිගයාමෙන් මෙම ආරවුල ඇති වූ බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඊයේ දහවල් පහරදීම සිදු වූ ස්ථානයට පැමිණි කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය. මෙම පහරදීමට සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු සොයා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබේ. වැල්ලව පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

සිද්ධියෙන් මියගිය සරත් කීර්තිසිරි

uyangalla_death_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article