Thursday, April 18, 2024

නිමල් බණ්ඩාර නික්ම යයි.

Must read

nimal_furenal_1

වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

සුසාන භූමිය වෙත ගෙනයාමට පෙර හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ දේහය වයඹ පළාත් සභා සංකීර්ණය වෙතද රැගෙන එනු ලැබීය. වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ඇතුලු මැති ඇමැතිවරුන් විසින් භාරගනු ලැබූ දේහය වයඹ පළාත් සභා සංකීර්ණය් පිහිටි ලිච්ඡවී ශාලාවේ තැන්පත් කෙරිණි. එහිදී මධ්‍යම රජයේ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ටී. බී. ඒකනායක, පළාත් අමාත්‍යවරුන් වන සන්ධ්‍ය රාජපක්ෂ, සුමල් තිසේරා ඇතුලු මැති ඇමැතිවරුන් විසින් නිමල් බණ්ඩාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ. පළාත් සභාවේ සේවක සේවිකාවන්ටද ගෞරව දැක්වීම සදහා පැයකට ආසන්න කාලයක් ලිච්ඡවී ශාලාවේ තැන්පත් කර තැබුණු දේහය ඉන් අනතුරුව මල්කඩුවාව සුසාන භූමිය වෙත ගෙන යනු ලැබීය. නිමල් බණ්ඩාර මහතාගේ පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

nimal_furenal_2

nimal_furenal_3

nimal_furenal_5

nimal_furenal_4

nimal_furenal_6

nimal_furenal_11

nimal_furenal_12

nimal_furenal_7

nimal_furenal_8

nimal_furenal_9

nimal_furenal_13

nimal_furenal_10

nimal_furenal_14

nimal_furenal_15

nimal_furenal_16

nimal_furenal_17

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article