Friday, April 19, 2024

වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගෙන් ALFEA නව නිලධාරි මණ්ඩලයට උණුසුම් පිළිගැනීමක්.

Must read

alfia

බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයට (ALFEA) අභිනවයෙන් තේරී පත් වූ සභාපතිවරයා ඇතුලු විධායක සභිකයින් පිළිගැනීම වෙනුවෙන් වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමය (AWFEA) විසින් සංවිධානය කළ උත්සවයක් පසුගියදා මාවතගම, අස්ලිය උත්සව ශාලාවේදී පැවැත්විණි.

එහිදී බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත් වූ ඒ. එල්. ඒ. හසාම්, ලේකම් ධූරයට පත් වූ මොහොමඩ් අර්ෂාඩ්, භාණ්ඩාගාරික ලෙස පත් වූ සමන් තාහා, උප සභාපති ධූරයට පත් ලංකා විජිත කුමාර, නව උප ලේකම් ටිරන් කුමාර රත්නායක සහ කමිටු සාමාජිකයින් ලෙස පත් වූ නිහාල් විජේවර්ධන, විග්නේෂ්වරම්පිල්ලේ යන මහත්වරුන් වයඹ විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමයේ සභාපති මොහොමඩ් රිෆාල් මහතා ඇතුලු සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපකිරීම් කළ විදේශ රැකියා නියෝජිතයින් කිහිපදෙනෙකු ඇගැයීමද මෙහිදී සිදුකෙරිණි. පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථාවන් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

alfia_1 alfia_2 alfia_3 alfia_4 alfia_5 alfia_6 alfia_7 alfia_8 alfia_9 alfia_10 alfia_11 alfia_13 alfia_14 alfia_17 alfia_18 alfia_19 alfia_15 alfia_16 alfia_12 alfia_20 alfia_21 alfia_22 alfia_23 alfia_24 alfia_25 alfia_26 alfia_27 alfia_28 alfia_29 alfia_30 alfia_31

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article