Thursday, April 25, 2024

ලෙඩ නැතුව හැඩ කරන හැටි රතුකුරුසෙන් උගන්වයි.

Must read

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවල රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන රූපලාවන්‍ය ශිල්පිනියන් සදහා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය මගින් සංවිධානය කළ වැඩමුඵවක් පසුගියදා කුරුණෑගල වික‍්‍රමසිංහ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘‘රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සදහා හදිසි අනතුරු අවදානම් කළමණාකරණය සහ වෘත්තීය ප‍්‍රථමාධාර වැඩමුඵව’’ ලෙස නම් කර තිබූ මෙම වැඩමුඵව සදහා කුරුණෑගල, මහනුවර සහ කෑගල්ල යන ප‍්‍රදේශවල සිය රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන රූපලාවන්‍ය ශිල්පිනියන් සියයකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජයේ ගම්පහ ශාඛාවේ විධායක නිලධාරී රුවන් අබේවර්ධන, වෘත්තීය මනෝවිද්‍යා උපදේශක සමීර සංජීවන රත්නායක, අවදානම් කළමණාකරණ නිලධාරී බුද්ධික මානවසිංහ, සෞඛ්‍ය සහ ප‍්‍රථමාධාර නිලධාරී ශකුන් කෲස්, කුරුණෑගල දිස්ත‍්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂක දයාරත්න හේරත් යන මහත්වරුන් විසින් මෙහිදී දේශන පැවැත්වූහ.

වැඩමුඵව අවසානයේදී ඊට සහභාගී වූ සියඵ රූපලාවන්‍ය ශිල්පිනියන් සදහා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් සහ ඔවුන්ගේ සේවා ස්ථානයක් අවදානම්වලින් තොර රූපලාවන්‍යගාරයන් බවට සහතික කළ ආරක්ෂිත ස්ටිකරයක්ද ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් පිරිනමනු ලැබීය.

ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය වෙනුවෙන් තිලක් කුමාර රත්නායක මහතා මෙම වැඩමුඵව සම්බන්ධීකරණය කරනු ලැබීය.

rc3 rc2 rc1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article