Thursday, April 25, 2024

නියං සහන ශ‍්‍රමදානයක් අතරතුර කාන්තාවක් මියයයි. ( VEDIO )

Must read

chandani_ekanayake_death

නියගයෙන් පීඩාවට පත් පවුල් වෙත සහනාධාර ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉබ්බාගමුව, කිරිබමුණ ප‍්‍රදේශයේ පැවැති ශ‍්‍රමදානයකට එක් වී සිටි කාන්තාවක් හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (22 දා) ජීවිතක්ෂයට පත්වූවාය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඉබ්බාගමුව, කිරිබමුණ ප‍්‍රදේශයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ චාන්දනී ඒකනායක නැමැති 42 හැවිරිදි තිදරු මවකි. රජයේ නියං සහනාධාර වැඩසටහනෙහි ප‍්‍රතිලාභීන්ගේ දායකත්වයෙන් ඩෙංගු මර්දන ශ‍්‍රමදානයක් ඊයේ උදෑසන කිරිබමුණ ප‍්‍රදේශයේදී ක‍්‍රියාත්මක වී ඇති අතර මෙම කාන්තාවද ඊට සහභාගි වී තිබේ. ශ‍්‍රමදානය අතරතුරදී ක්ලාන්ත ගතිය බව පවසමින් බිම වාඩි වී සිටි ඇති මෙම කාන්තාව සිහිසුන් තත්වයට පත්වීම හේතුවෙන් ඇයව ගොකරැල්ල දිසා රෝහලට රැගෙන යාමට ශ‍්‍රමදානයට සහභාගි වී සිටි සෙසු පිරිස විසින් කටයුතු කර තිබේ. රෝහලේදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු අදාල කාන්තාව ඒ වනවිට මියගොස් සිටි බව දැනුම්දී තිබේ.

ඉහළ විසිදෙකේ බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. එස්. කේ. දහනක මහතා විසින් මියගිය කාන්තාව පිළිබදව හදිසි මරණ පරීක්ෂණය ඊයේ දහවල් ගොකරැල්ල දිසා රෝහලේදී පවත්වනු ලැබීය. එම කාන්තාව දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇතුලු රෝගාබාධ කිහිපයකින්ම පෙළෙමින් සිට ඇති බවත්, ඒ සදහා නිසි ප‍්‍රතිකාරයක් ලබාගෙන නොතිබූ බවත් හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘත දේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා නියම කළේය.

ඊයේ ( 22 දා) සිරස නිව්ස් ෆස්ට් රාත්‍රි 10  ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් චාන්දනී ඒකනායක මහත්මියගේ අකල් මරණය පිළිබදව මෙලෙස වාර්තා කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article