Wednesday, April 24, 2024

අනතුරකට ලක්ව පාරට වැටුණු අයෙකුගේ ඇග උඩින් වාහන පෝලිමක් යයි. ( CCTV දර්ශණ )

Must read

Gokarella_accident

ටිපර් රථයක ගැටී මාර්ගයට ඇදවැටුණු පුද්ගලයෙකු එලෙස මාර්ගය මැද වැටී සිටින අයුරු දැක දැකත් ඔහුව අනතුරට ලක් කළ ටිපර් රථයේ රියදුරු එතැනින් පලායාම හේතුවෙන් ඉන් පසුව පැමිණි වාහනය කිහිපයකටම යටවීමෙන් එම පුද්ගලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගොකරැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අස්වැද්දුම මැල්සිරිපුර, අඹන්පොල, රාල්ලේවෙල ප‍්‍රදේශයේ පදිංචි දෙවුරැන්නලාගේ විමලරත්න නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (12 දා ) අලුයම තම පා පැදිය තල්ලු කරගෙන කුරණෑගල – දඹුල්ල මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිට ඇති අතර ගොකරැල්ල දිසා රෝහල ආසන්නයේදී මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදී වේගයෙන් පැමිණි ටිපර් රථයක ගැටෙන අයුරු අසල පිහිටි වෙළදසැලක ඇති ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබේ. තම ලොරියේ ගැටුණු පුද්ගලයා පිළිබද කිසිදු සොයාබැලීමක් නොකරන ටිපර් රථ රියදුරු එතැනින් පලා යන අතර ඉන් පසුව පැමිණෙන තවත් ටිපර් රථයක් මාර්ගයේ වැටී සිටි පුද්ගලයා යටකරගෙන ඉදිරියට ධාවනය වන අයුරුද එහි දැක්වෙයි. ඉන් අනතුරුව ලොරි රථයකින් පැමිණි පිරිසක් ලොරියෙන් බැසවිත් මාර්ගයේ වැටී සිටින පුද්ගලයා දෙස ටික වේලාවක් බලා හිද එතැනින් පිට වී යන අයුරුද අදාල ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබේ. තවත් වාහන ගණනාවකට හසුවීමෙන් බරපතල ලෙස හානි වූ මියගිය පුද්ගලයාගේ සිරුර මාර්ගයෙන් ඉවත්කරගෙන ඇත්තේ එතැනට පැමිණි පොලිස් නිලධාරින් විසිනි. ඒ වනවිට ඔහුගේ සිරුර සුන්බුන් ගොඩක් බවට පත් වී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

මෙම පුද්ගලයා අනතුරට පත් වූ ස්ථානයේ සිට ගොකරැල්ල රෝහලට ඇත්තේ මීටර් දෙසියයකටත් නොඅඩු දුරක් නමුත් වාහන ගණනාවක් එම ස්ථානය පසුකරගෙන යන නමුත් ඒ කිසිවෙකුත් ඔහුව රෝහල වෙත ගෙනයාමට ඉදිරිපත් නොවීම මෙම සිදුවීමේ ඇති ශෝචනීය තත්වය වෙයි. මෙම පුද්ගලයා අනතුරට ලක්කර පලාගිය ටිපර් රථ රියදුරු සොයා ගොකරැල්ල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම අනතුරේ CCTV දර්ශණ පහත දැක්වෙයි.

gokerlla_accident_1 gokerlla_accident_2 gokerlla_accident_3

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article