Friday, April 19, 2024

වයඹ ඇමැතිකම් මාරුවුණු හැටි මෙන්න !

Must read

nwp_ministers_chnge

වයඹ පළාත් සංස්කෘතික කටයුතු සහ කලා කටයුතු , ක්‍රීඩා හා යෞවන කටයුතු, තොරතුරු තාක්ෂණ සහ සමූපකාර සංවර්ධනය පිළිබද නව අමාත්‍යවරයා ලෙස පියසිරි රාමනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිටදී අද (15 දා) දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව ඉහත සදහන් විෂයන් ( සමූපකාර සංවර්ධන හැර) පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා අමාත්‍ය තනතුරින් ඉවත්කර තිබේ. ඉහත විෂයන්ට අමතරව සන්ධ්‍යා රාජපක්ෂ මහතා විසින් වයඹ පළාත් අධ්‍යාපන ඇමති ධූරයද හොබවමින් සිටි අතර, වයඹ අධ්‍යාපන විෂය වයඹ ප්‍රධාන ඇමති ධර්මසිරි දසනායක මහතා යටතට පත් කර තිබේ. පියසිරි රාමනායක මහතා වෙත ලබාදී ඇති සමූපකාර සංවර්ධන විෂය මින්පෙර අයත්ව තිබුණේ ගුණදාස දෙහිගම මහතාට වන අතර ඒ අනුව අද දින සිට සමූපකාර සංවර්ධන විෂය දෙහිගම මහතාගෙන් ඉවත්කර තිබේ.

වයඹ මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටි දයාසිරි ජයසේකර මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වීම හේතුවෙන්, ඔහු යටතේ තිබූ අධ්‍යාපන විෂය සන්ධ්‍ය රාජපක්ෂ මහතා වෙත ලැබිණි. වයඹ පළාත් සභාව ආරම්භයේ සිට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැතිවරුන් සතුව පැවැති අධ්‍යාපන අමාත්‍ය ධූරය පුත්තලම දිස්ත්‍රික්කය වෙත පිරිනැමුණු මුල්වතාවද එය විය. වසර දෙකක පමණ කාලයක් තිස්සේ පුත්තලම දිස්ත්‍රික්කය සතුව තිබූ වයඹ අධ්‍යාපන අමාත්‍ය ධූරය අද දින සිට යළි කුරුණෑගලට ලැබී තිබීම විශේෂත්වයකි.

වයඹ පළාත් සභාව තුළ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන පියසිරි රාමනායක මහතා පළාත් සභාවන් කිහිපයකම අමාත්‍යධූරයන් හෙබ වූ අයෙකු වෙයි. අද දින ලැබුණු අමාත්‍ය තනතුරත් සමග
හයවැනි පළාත් සභාව තුළද අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට තරම් හෙතෙම වාසනාවන්ත වී තිබේ.

සන්ධ්‍ය රාජපක්ෂ මහතා විදේශ සංචාරයක යෙදී සිටින අතරතුරදී ඔහුව අමාත්‍ය තනතුරෙන් ඉවත්කිරීම විශේෂත්වයක් වෙයි. වයඹ පළාත් සභාව තුල සිදු වූ දෙවැනි ඇමැතිමාරුව මෙය වන අතර මීට පෙර ඩී.බී. හේරත් මහතාද ඔහු විසින් දරමින් සිටි අමාත්‍යධූරයෙන් මේ අයුරින්ම ඉවත්කරනු ලැබීය.

අද සිදුකෙරුණු වයඹ ඇමැති මාරුව පිළිබද නොකියැවුණු, නොඇසුණු සහ රසවත් සිදුවීම් කැටිකරගත් විශේෂ හෙලිදරව්කිරීම් සහිත ලිපියක් ලබන බ්‍රහස්පතින්දා පළවීමට නියමිත වයඹ අලු යට ගිනි – original විශේෂාංගය ඔස්සේ බලාපොරොත්තු වන්න.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article