Thursday, March 28, 2024

සාදයකට ගොස් ආපසු එමින් සිටි අඹුසැමි යුවළක් ඇතුලු තිදෙනෙකු අනතුරකින් මරුදකිති.

Must read

polgahwala_accident_3

පොල්ගහවෙල – වදාකඩ මාර්ගයේ උඩපොල මංසන්ධියේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගස් මුලක ගැටී, අද  (24 දා) අලුයම සිදු වූ අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුලු එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබු තවත් හයදෙනෙකු රෝහල් ගතකරනු ලැබූහ.

අද අලුයම 12.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පොල්ගහවෙල, කයිකෝලය ප‍්‍රදේශයේ පදිංචි ලියනපුරගේ සමන් ප‍්‍රියන්ත (50 ) සහ ධර්මමාලී නිකගොල්ල (38 ) නැමැති අඹුසැමි යුවළ වන අතර මියගිය පුද්ගලයාගේ සහෝදරියක වන ලියනපුරගේ දීපා රෝෂිණි ප‍්‍රියංකා (48) නැමැති අයද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූවාය. මියගිය ධර්මමාලී නිකගොල්ල මහත්මිය පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියාය.

මීගමුව ප‍්‍රදේශයේ පැවැති සාදයකට සහභාගි වී ආපසු නිවෙස් බලාඑමින් සිටියදී මෙම පිරිස අනතුරට පත් වී ඇති බව පොලිසිය කියයි. මෙම පිරිස පදිංචි නිවෙස්වලට මීටර් පන්සියයකටත් නොඅඩු දුරක් තිබියදී මෙම අනතුර සිදුවී තිබීම විශේෂත්වයකි. අනතුර සිදුවන අවස්ථාව වනවිට ලොරිය පදවා ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු විසින් බවත්, අධික වේගයෙන් ධාවනය වූ ලොරිය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පාරෙන් ඉවතට පනින ලද රථය මාර්ගය අයිනේ පිහිටි කපා ඉවත්කළ ගසක අඩි හතරක් පමණ උසට ඉතිරිව තිබූ මුල කොටසක වැදී ඇති බවත්, එම අවස්ථාවේදී ලොරියේ පසුපස ගමන් කරමින් සිටි පිරිස ඉන් පිටතට විසි වී අසල තිබූ ළිං බැම්මක වැදී ඇති බවද පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු එතැනදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ පිරිසද අසාධ්‍ය තත්වයෙන් එහිදී ප‍්‍රතිකාර ලබමින් සිටිති. පොල්ගහවෙල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඡායාරූප – අලව්ව චන්දන ගුණසේකර

polgahwala_accident_1

polgahwala accident 2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article