Thursday, April 18, 2024

කුරුණෑගල MBSL ශාඛාව නව නිවහනකට.

Must read

mbsl_28

මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව හා මූල්‍ය සමාගමේ කුරුණෑගල ශාඛාව නව නිවහනකට පිවිසීම ඊයේ (29 දා) සිදුකෙරිණි.

අංක 55 , කිංග්ස්ග්‍රෝව්, රජපිහිල්ල පාර, කුරුණෑගල යන ලිපිනයෙහි ඊයේ විවෘත කෙරුණු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව හා මූල්‍ය සමාගමේ කුරුණෑගල නව ශාඛාවෙන් වඩාත් පුලුල් සහ සුවපහසු ලෙස සිය මූල්‍ය අවශ්‍යතා ඉටුකරගැනීම සදහා සේවාදායකයින් වෙත දැන් අවස්ථාව ලැබී තිබේ.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව හා මූල්‍ය සමාගමේ  සභාපති සුජීව ලොකුහේවා , ප්‍රධාන විධායක නිලධාරි නිශාමන් කරුණාපාල, වයඹ පළාත් සභා මන්ත්‍රි අසංක නවරත්න, කුරුණෑගල හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහ MBSL සමාගමේ උසස් නිලධාරින්,  ගණුදෙණුකාර භවතුන් හා කුරුණෑගල ප්‍රධාන පෙළේ  ව්‍යාපාරිකයින් පිරිසක්ද සහභාගි වී සිටියහ.

මෙහිදී නව ශාඛාවේ ආරම්භක මුදල් තැන්පතු භාරගැනීම්, ලීසිං සහ ණය පහසුකම් ලබාදීම් සහ ත්‍යාග ප්‍රදානය කිරීමද අාරාධිතයින් අතින් සිදුවිය.  විවෘත කිරීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

mbsl_2 mbsl_3 mbsl_4 mbsl_5 mbsl_6 mbsl_7 mbsl_8 mbsl_9 mbsl_10 mbsl_11 mbsl_12 mbsl_14 mbsl_15 mbsl_16 mbsl_17 mbsl_18 mbsl_19 mbsl_20 mbsl_21 mbsl_22 mbsl_23 mbsl_24 mbsl_25 mbsl_26 mbsl_27

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article