Saturday, April 20, 2024

රේමන්ඩ් පීරිස් හිමිපාණන්ට අගමැතිගෙන් අවසන් බුහුමන්.

Must read

bishop_ furenal

ස්වර්ගස්ථ වූ කුරුණෑගල විශ්‍රාමික රදගුරු අතිඋතුම් රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30 දා) උදෑසන සිය අවසන් බුහුමන් දැක්වීය.

රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ දේහය මේ වන විට කුරුණෑගල ශාන්තආනා ආසන දෙව්මැදුරේ තැන්පත් කර ඇති අතර අද උදෑසන 9.30 ට පමණ එහි පැමිණි අග්‍රාමාත්‍යවරයා විශ්‍රාමික රදගුරු හිමියන් වෙත සිය අවසන් ගෞරව දැක්වීය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් එම පල්ලියේ තැන්පත් කර ඇති ශෝක පණිවිඩ සටහන් පොතෙහි රේමන්ඩ් පීරිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථවීම පිළිබදව ශෝක පණිවිඩයක්ද සටහන් කරනු ලැබීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු පිරිසක්ද අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට එක්වූහ.

bishop_ furenal_6 bishop_ furenal_7 bishop_ furenal_1 bishop_ furenal_2 bishop_ furenal_3 bishop_ furenal_4 bishop_ furenal_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article