Thursday, April 18, 2024

කුලියාපිටියේ දූ පුතුන් 2017 ශිෂ්‍යත්වයෙන් ජය කෙහෙළි නංවති.

Must read

2017_scolarship_ exam

මීට සුලු මොහාතකට පෙර අන්තර්ජාලයට නිකුත්කෙරුණු 2017 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව එහි මුල් ස්ථාන දිනූ සිසුන් දස දෙනා අතරට ඇතුලත්වීමට කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් තිදෙනෙකු සමත් වී සිටිති.

මෙම සිසු සිසුවියන් තිදෙනාම ලකුණු 195 බැගින් හිමිකරගනිමින් ජාතික කුසලතාවය අනුව සිව්වැනි ස්ථානයට පත් වී සිටීම විශේෂත්වයකි.

කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එච්. ටී. කලංක පුෂ්පික පීරිස් සිසුවාත්

කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන බී. එල්. කසුනි හිරුණිකා බාලසූරිය සිසුවියත්,

කුලියාපිටිය නක්කාවක්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම් . කේ. දහම් විදුමිත් ගුණරත්න සිසුවාත් එම දස්කම දැක්වීමට සමත් වී තිබේ.

සාමාන්‍ය මට්ටමේ ගම්බද පාසල්වලින් අකුරු කර ජනප්‍රිය යැයි නම් ලද පාසැල් ගණනාවක් අභිබවමින් වයඹ නාමය ලක්බිම මුදුනතේ බැබැල වූ දිරිය දූ පුතුනි, අනාගතයේදී පළාතට, රටට පමණක් නොව ලොවටත් වැඩදායී පුරවැසියන් ලෙස මුලු මහත් මනුෂ්‍ය සංහතියේම හිතසුව පිණිස ඔබේ ගුණ, නැණ, දැනුම යෙදවිය හැකි මිනිස්කමින් පිරිපුන් මිනිසුන් ලෙස යෙහෙන් වැජඹීමේ වරම ඔබට ලැබේවා යැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔබ සියලු දෙනා වෙත සුභාසිංශන පළකර සිටියි.

මෙම ශිෂ්‍යත්ව හපනුන්ගේ වගතුග සහ ඡායාරූප සහිතව සකස්කෙරෙන විශේෂාංග ලිපියක් හෙට (05 දා) වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article