Thursday, April 25, 2024

බඩු ගන්න ඇවිත් මුදලාලිගේ ෆෝන් එකට විද්ද තරුණයෙක් අතේ මාට්ටු ! ( CCTV දර්ශණ)

Must read

phone_rob

කුලියාපිටිය මුලික රෝහල ඉදිරිපිට පිහිටි වෙළදසැලකට අද (14) දහවල් පැමිණි තරුණයෙකු විසින් එම වෙළඳසැලේ හිමිකරුට අයත් රුපියල් තිස් දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාකම් කරගෙන යන අයුරු එහි තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබිණි.

අදාල දර්ශන ඔස්සේ කුලියාපිටිය රෝහල් භුමියේදී අල්ලාගැණුනු එම තරුණයා සිය වෙළදසැලට ගෙනඒමෙන් පසුව පොලිසියට භාරදීමට වෙළදසැල් හිමිකරු විසින් කටයුතු කර තිබේ.

තමන් නාරම්මල, සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටත්, වයස අවුරුදු 15ක් වන බවටත් අත්අඩංගුවට ගත් තරුණයා පොලිසිය වෙත ප්‍රකාශකර තිබේ. ඔහු සන්තකයේ තිබූ සොරාකම් කරන ලද ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබේ.

කුඩා කිරිපිටි පැකට්ටු දෙකක් සදහා මුදල් ගෙවීමට වෙළදසැල් හිමිකරු වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ‍මේසය මත තිබූ ජංගම දුරකථනය ක්ෂණිකව සොරාගන්නා අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article